බෝධි පාක්ෂික ධර්ම අංක: 10 (11-11-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 10 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (11-11-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 10 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (11-11-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 10 Saturday Dhamma Discussion was conducted via Zoom on 11th November 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 නොවැම්බර් මස 11 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දී බෝධි පාක්ෂික ධර්ම වල අවස්ථා දෙකක යෙදෙන ශ්‍රද්ධාව ඉන්ද්‍රිය සහ බල ධර්ම වශයෙන් වඩන ආකාරය පැහැදිලි කරන ලදී. 

එසේම අද දින සාකච්ඡාවේ දී මතුකළ පැනයන් තුලින් ශ්‍රද්ධාව පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම්, අදහස් සහ යෝජනාවක් මතු කෙරිණි.  මෙම දේශනාව සහ ධර්ම සාකච්ඡාව තුල සද්ධානුසාරී හෝ ධම්මානුසාරී හෝ යන දෙයාකාරයෙන් දහම ප්‍රගුණ කරන දෙපිරිසට ම ඉතා වැදගත් කරුණු ඇතුලත් වේ. 

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: බෝධි පාක්ෂික ධර්ම වල ශ්‍රද්ධාව ඉන්ද්‍රිය සහ බල ධර්ම වශයෙන් වඩන ආකාරය පැහැදිලි පැහැදිලි කරන්න. *** (ශ්‍රද්ධාව ඇතිවෙන ආකාරයත් ප්‍රාථමික, මධ්‍යම සහ උත්කෘෂ්ට ආකාරයෙන් දියුණු කරන ආකාරය පැහැදිලි කෙරෙන ඉතා වටිනා දේශනාවකි.)
  2. ප්‍රාථමික මට්ටමේ ශ්‍රද්ධාව තුලින් අපගේ සමාජයේ බොහෝවිට අකුසල් වලට නැඹුරු වීමේ ප්‍රවණතාවය වෙනස් කල හැකි ක්‍රම වේදයක් පැහැදිලි කරන්න. *** (වර්ථමානයේ දී බොහෝවිට ධම්ම චර්යාව බොහෝ දෙනා යොදා ගන්නේ ප්‍රායෝගික චරනයක් වශයෙන් නොව ඔවුන්ගේ ප්‍රතිරූපය සහ ප්‍රතිලාභය ගොඩනැගීම සඳහා බව මෙහි දී පැහැදිලි කෙරේ.  එමෙන්ම එම තත්වයෙන් ඉදිරියට දියුණු වීමට ඕනෑකමක් ඇතිවූ විට දියුණු කළයුතු ක්‍රමවේදයක් මෙහි දී පැහැදිලි කෙරේ.  වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
  3. බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජා වලට සුදුසු වන සේක කියා කීමේ අර්ථය පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  4. මල් පහන් පූජා කරන විට කාලයත් සමග අපගේ ජීවිතයේ ධර්මය වැඩෙනවා දැයි දැන ගන්නේ කෙසේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. පෘතග්ජනයන් බොහෝවිට දුක සමග ගැටීමක් ඇති කරගන්නා නිසා බුද්ධ දේශනාවට අනුව ශ්‍රද්ධාවේ හේතුව දුක ලෙස ඔවුන් දකින්නේ කෙසේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. දුක පිලිබඳ මද වශයෙන් හෝ අවබෝධයක් නැති නම් ශ්‍රද්ධාව ඇතිවන්නේ නැහැ නොවේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. භාවනාවට සුදානම් වන විට දවස තුල ඇති වූ ගැටීම් මනසේ පවතින විට භාවනාව අපහසු වෙනවා නොවේ ද? *** (මෙම පිළිතුරේ දී භාවනාවට යම් තරමින් ආධුනික වෙන අයට ඉතා වැදගත් වෙන උපදේශයක් දැක්වේ. එය දවසේ ඇතිවන දැඩි ඇලීම් සහ ගැටීම් දෙකටම පොදු වේ.  එවන් දියුණුවක් භාවනාවේ ප්‍රගතියට සහ එදිනෙදා ජීවිතයේ සහනදායී බවට බෙහෙවින් උපකාරී වේ.)
  8. ආහාරයන් දානයක් ලෙස භික්‍ෂුන් වහන්සේලාට පූජා කිරීමේ දී වැදගත් වන්නේ එහි ගුණය ද රසවත්භාවය ද? එමෙන්ම ඇතැම් ආහාර වලින් අපගේ රාගය උද්දීපනය වෙනවා ද? ***
  9. ඊළඟ සතියේ සිදුකරන දේශනාව පිළිබඳව සහ අද දින වැඩසටහනේ අවසානය. ***

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.