නැවැත්ම සඳහා පැවැත්ම අංක: 04 (28-01-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 04 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 94 (28-01-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 04 – Saturday Dhamma Discussion – 94 was conducted on 28 January 2023 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 94 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අනූ හතර වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ජනවාරි මස 28 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කරගනිමින් නිවන් මගට අතිශයින් වැදගත් වෙන හැඟීම් වලට වහල් නොවී තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටුකරමින් තමාගේ භූමිකාව පැවැත්වීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී.
වර්ථමාන ගිහි සහ ඇතැම් පැවිදි සමාජ වල පවා වැරදි ආකල්පයක් ලෙස මුල්බැස ගෙන පවතින ‘අන් අයට කුමක් වූවත් මම මගේ නිවන් ගමන කරනවා’ යන දැඩි ආකල්පයෙන් කටයුතු කිරීම නිසාම සෝවාන් ආදී මාර්ගයන් වැළකෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරිණි. 

එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේ දීද මතුකළ සියළුම පැනයන් වාගේ මෙම මාතෘකාවට අදාල වටිනා කරුණු මතුකළ  ප්‍රශ්නයන් විය.

ත්‍රිපිටකයේ එම සිඟාලෝවාද සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: සිඟාලෝවාද සූත්‍රය.

මෙම නැවැත්ම සඳහා පැවැත්ම අංක: 04 ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – නිවන් මග සඳහා වෙර දරන්නන් සඳහා සිඟාලෝවාද සූත්‍රය තුලින් දැක්වෙන ඉතා වැදගත් කාරණය පැහැදිලි කරන්න. *** (හැඟීම් වලට වහල් නොවී තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටු කිරීම නිවන් ගමනට අත්‍යාවශ්‍ය වෙන ආකාරය මෙහිදී පැහැදිලි කරන ලදී.)
  2. මහියංගනයේ දස සර්වඥ පුජාව සහ මින් පසුව කතරගම දී සිදු කෙරෙන දස සර්වඥ පූජාව පිළිබඳව විස්තරය. ***
  3. අනිත්‍ය දැක්ම ඇති සම්මා දිට්ඨිය මුල් අවස්ථාවේ සිටම ඇති කරගැනීම අවශ්‍ය වෙනවා නොවේද? *** (ඉතා වටිනා පිළිතුරකි.)
  4. බෝසත් පාරමිතා පුරන අවධියේ දී බිරිඳ සහ දරුවන් දැන් දීම වැනි ක්‍රියා ධර්ම න්‍යායට එකඟ ද? *** (ඉතා කාලෝචිත පැනයන් සහ පිළිතුරකි.)
  5. සතුන් සහ මිනිසුන් අතර ඇතිවිය යුතු නිවැරදි සම්බන්ධතාවය. *** (සමස්ථය පිළිබඳව පැවතිය යුතු ආකාරය පිලිබඳ වැදගත් වටිනා කරුණු ඇතුලත් වේ.)
  6. සත්ව මාංශ අනුභවය සඳහා සතුන් විකෘති කිරීම නිසා ඒවා අනුභව කරන මිනිසුන් ද විකෘති වෙනවා නොවේ ද? *** 
  7. දවසේ බොහෝ වෙලාවක් සති සම්පජඤ්ඤය පැවැත්වීමට හැකි වෙන විට තමා තුල ධර්ම න්‍යායට පටහැනි සිතුවිලි ඇතිවීම තේරෙනවා පමණක් නොව පුද්ගල අන්තර් සම්බන්ධතා පවත්වමින් දහම අවබෝධ කර ගැනීමටත් හැකිවෙනවා නොවේ ද? *** (මෙහිදී ගරු ස්වාමින්වහන්සේ වීර්යයේ ඇති වැදගත්කමත් මතුකළ සේක.)
  8. තම මව හෝ පියා බව නොදැන ඝාතනය කළහොත් එයින් ආනන්තරිය පාපකර්මයක් සිදු වේ ද? ***
  9. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව අප ආර්ය නොවන නිසා අපට තේරුම් ගැනීමට නොහැකි වෙනවා නොවේ ද? *** (මේ පැනයට ලබා දෙන පිළිතුර වැදගත් වේ.)
  10. පැල, අතු ආදිය නිවෙස් අලංකාරය පිණිස යොදා ගැනීමත් මේ අනුව නොසුදුසු නොවේ ද?
  11. රහතන්වහන්සේ කෙනෙකු හෝ තම දෙමාපියන් හෝ තමාගේ අත්වැරැද්දක් නිසා මිය ගියහොත් එය කුමන කර්මයක් වෙනවා ද?
  12. සත්ව මාංශ අනුභවය නිසා අකුසලයක් සිද්ධ වෙනවා ද?
  13. අවසානය. ***