Saturday Dhamma Discussion – 14 (10-04-2021)

Saturday Dhamma Discussion – 14 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:14)

Saturday Dhamma Discussion – 14 was conducted on 10 April 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 14, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දාහතරවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අප්‍රේල් මස 10 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාව “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබූ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහනයි. අටවන සහ නවවන උපාසක ගුණ මූලික කොටගෙන මෙම දහම් සාකච්චාව සිදුකෙරිණි. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  1. සමගි සම්පන්න බව පිළිබඳව ඇති අටවන උපාසක ගුණය පැහැදිලි කරන්න.
  2. නවවන උපාසක ගුණය පැහැදිලි කරන්න.
  3. අනුපූරක පුද්ගලයින්ට සමගියෙන් සිටීමට පුලුවන්ද?
  4. ඊර්ෂියාව ඇතිවනවිට ඒ ගැන ධර්මානුකූලව බැලියහැකි නොවේද?
  5. තවකෙනෙකු සමග ඇතිවන ගැටීමක් අපගේ ඕනෑකමින් සමථයකට පත්කිරීමෙන් අපේ ගුණධර්ම දියුණුවෙනවා නේද?
  6. වර්ථමාන සංකීර්ණ සමාජයේ ඇතැම් අවස්ථා වල අටවෙනි උපාසක ගුණය පැවැත්වීම අමරුවෙනවා නේද?
  7. සියුම් ඊර්ෂියාවක් ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද?
  8. සෝවාන් පුද්ගලයෙක් උපදින භවය සහ ජාතිය එකක්ද?
  9. දෙව්දත් තෙරුන් වැනි අය සෑම බුදුවරුන්ට සිටිනවාද?
  10. වැඩිහිටියෙකු නැවත නැවතත් අපගේ දොස් දකිනවිට ඇතිවන ද්වේෂය පාලනය කරගන්නේ කෙසේද?
  11. වෙනත් කෙනෙකු නිසා අපට ද්වේෂය ඇතිවන විට එය විදර්ශනාවට නැංවීම.
  12. අපට පීඩා කරන කෙනා හැමවිටම වැරදී නම් කුමක් කලයුතුද?
  13. දහම විකෘති කරන ස්වාමින්වහන්සේලා කෙසේ ඇමතිය යුතුද?
  14. වැඩිහිටි ස්වාමින්වහන්සේ කෙනෙකු සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ විට කුමක් කල යුතුද?
  15. අවසානය.