භාවනා පහාතබ්බා 02 – Saturday Dhamma Discussion – 89 (17-12-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 89 (භාවනා පහාතබ්බා 02 – කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 17-12-2022

භාවනා පහාතබ්බා 02 Saturday Dhamma Discussion – 89 was conducted on 17 December 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 89 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ නව වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 දෙසැම්බර් මස 17 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන භාවනා පහාතබ්බා යන්න කුමක්දැයි පැහැදිලි කර අවසාන කරන ලදී.  මෙහිදී සප්ත බොජ්ඣංග ධර්මයන් තුලින් භාවනාව එදිනෙදා ජීවිතයේදී දියුණු වෙන ආකාරය දහම් ග්‍රන්ථ සහ සූත්‍ර දේශනා අනුසාරයෙන් සිදුකරන ලදී.  එමෙන්ම ඉතා ප්‍රයෝගික වටිනාකමක් ඇති කරුණු ධර්ම සාකච්ඡාවේදී විමසීමට ලක් කෙරිණි.

සබ්බාසව සූත්‍ර දේශනා සහ සාකච්ඡා මාලාව මෙතැකින් අවසන් විය.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම (භාවනා පහාතබ්බා 02 – සබ්බාසව සූත්‍රය 09) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. සබ්බාසව සූත්‍රයේ දැක්වෙන භාවනා පහාතබ්බා යන්න තවදුරටත් පැහැදිලි කරන්න. *** (සප්ත බොජ්ඣංග ධර්ම වැඩීම පිළිබඳව ඉතා වටිනා කරුණු තව දුරටත් පැහැදිලි කරන ලදී.  මෙය අවසාන වශයෙන් 03-12-2022 දින සිදුකල දේශනාවේ දෙවැනි කොටස වේ.  එම පළමු දේශනාවට මෙතැනින් සවන් දෙන්න.)
  2. නව සාකච්ඡා සහ දේශනාවේ මාතෘකාව සහ කල්පිටියේ දහම් පාසැල සඳහා වන පුණ්‍ය කර්මය.
  3. ගෘහාශ්‍රිත ජීවිතය තුලදීම ප්‍රීති සහ අනෙක් බොජ්ඣංගයන් වැඩීමට පුළුවන් නොවේ ද? *** (මෙහිදී ගෘහාශ්‍රිත ජීවිතය තුලදීම ප්‍රීති සහ අනෙක් බොජ්ඣංගයන් වඩනා ආකාරයක් පිලිබඳ වටින උදාහරණයක් ඇතුලත් වේ. එමෙන්ම ගරු ස්වාමින්වහන්සේ එම උදාහරණය න්‍යායාත්මක කරුණු වලට මනා ලෙස ගලපා විවරණයක් ද මෙහිදී ඉදිරිපත් කෙරේ.)
  4. චේතනාව පිරිසිදු වූවත් එය ක්‍රියාත්මක වීමේදී අකුසලයක් සිදුවේ නම් එය ධර්මානුකූලව ගලපා ගන්නේ කෙසේ ද? *** (වටිනා පැනයකට දුන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික පිළිතුරකි. ගරු ස්වාමින්වහන්සේ පිලිතුරේදී සඳහන් කල ‘අභිධර්මයේ මූලික කරුණු’ ග්‍රන්ථයේ pdf පිටපත මෙතනින් බාගත කරගන්නගරු ස්වාමින්වහන්සේ සඳහන් කල ලෝණඵල සූත්‍රය ආශ්‍රිත පසුගිය දේශනා සහ සාකච්ඡා {අංක 69 සිට අංක 79 දක්වා} මෙම යොමුවෙන් ලබා ගන්න. ගරු ස්වාමින්වහන්සේ පිලිතුරේදී සඳහන් කල මහාකම්ම විභංග සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.)
  5. දුක සිතෙන දෙයක් හෝ සතුටක් ඇතිවන දෙයක් පිලිබඳ දුක හෝ සතුට නැතිව පැවතිය හැක්කේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නිසා ද? *** (ධම්මවිචය සම්බොජ්ඣංගය ප්‍රායෝගිකව දියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන පැනයක් සහ පිළිතුරකි.)
  6. අනත්ත ලක්ඛණ සූත්‍රයේ සඳහන් වෙන මෙම කරුණ උපේක්ෂාවට සම්බන්ධ වෙනවා ද? ***
  7. සාමිස සහ නිරාමිස ප්‍රීතියේ දී සිහිය සහ නුවණ යෙදෙන්නේ කෙසේද? *** (වටිනා පැනයක් සහ පිළිතුරකි.)
  8. අනුත්පාද නිරෝධය පැහැදිලි කරන්න.
  9. වර්තමාන කාලයේ ඇති සීමිත සම්පත් තුලින් දානයන් දීමේදී අප ඒවා තෝරා බේරා ගන්නේ කෙසේ ද? *** (වටිනා කාලීන පැනයක් සහ පිළිතුරකි.)
  10. උපාදානයෙන් පසුව සිහිය පිහිටුවන්නට නොහැකි ද?
  11. ස්වාමීන්වහන්සේට අභිධර්මය දේශනා කිරීමට පුළුවන් ද?
  12. ශ්‍රාවකයෙකුගේ පින් පැමිණ වීම සහ අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.