
සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 80 (දුක්ඛ විපාකය ජීවිතයට පොහොරක් කරගැනීම – අකුසල විපාක යටපත් කරන ක්‍රම) (24-09-2022)
අකුසල විපාකය ජීවිතයට පොහොරක් කරගැනීම – Saturday Dhamma Discussion – 80 (24-09-2022) was conducted on 24 September 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 80 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූවෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 සැප්තැම්බර් මස 24 වන දින සිදුකරන ලදී.
ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර ධර්ම දේශනාවේ දී අකුසල විපාකයන් යටපත් කල නොහැකි විට ඒවා ජීවිතයට පොහොරක් කරගන්නා ආකාරය පැහැදිලි කල සේක. මෙම ක්‍රමය මනස පුහුණු කිරීමේ වැඩපිළිවලක් වේ. එය නොයෙක් මට්ටම් වලින් සිදුකල හැකි බව ධර්ම දේශනාවේ දී සහ ධර්ම සාකච්ඡාවේ දී පැහැදිලි කෙරිණි. ලෝණඵල සූත්‍රය ඇසුරින් සිදුකල වැඩසටහන් මාලාව මෙයින් නිම වේ.
ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.
මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.
- අකුසල විපාකයන් යටපත් කල නොහැකි විට ඒවා ජීවිතයට පොහොරක් කරගන්නා ආකාරය පැහැදිලි කරන්න. *** (මනස පුහුණු කිරීමේ නොයෙක් වැඩපිළිවල මෙහිදී පැහැදිලි කෙරේ.)
- අප දුක හෝ සතුට හෝ දැනගන්නේ වේදනාව තුලින් බැවින් ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට දැනගැනීම වඩා යහපත් වනවා නොවේද? *** (ඉතා වටිනා ගැඹුරකට මෙම පැනයෙන් සහ පිළිතුරෙන් අපට පිවිසීමට හැකි වේ. එමෙන්ම මෙයට අංක 07 පැණයේ සම්බන්ධතාවයක් ද ඇත.)
- වර්ථමානය තුල සිටීමට හැකිවීම තුලින් දුක නැති වෙන ආකාරය ගැන පුහුණුවීමේ අත්දැකීම්. *** (ස්වාමින්වහන්සේගේ පිළිතුර මෙහිදී වැදගත් වේ.)
- දුක්ඛ වේදනාව නිසා තණ්හාව ඇතිවෙන ආකාරය පැහැදිලි කරන්න. *** (ස්වාමින්වහන්සේගේ පිළිතුර මෙහිදී පැහැදිලි සහ වටිනා වේ.)
- කෙනෙකුට කරන ලද අකුසලය පහසුවෙන් මතක් වීමටත් කරන ලද කුසලය මතක් කිරීමට අපහසු වීමටත් හේතු මොනවා ද?
- උත්සාහයෙන් සිදුකල දේ වල ප්‍රතිඵල ලැබෙන විට ඒ ගැන පසුබෑමක් ඇති වෙන්නේ කර්ම විපාකයක් නිසා ද? ***
- අනාත්ම සංඥාව කුමක්දැයි පැහැදිලි කරන්න. *** (ස්වාමින්වහන්සේගේ පිළිතුර මෙහිදී වැදගත් වන අතරම එය ඉහත පැන අංක 02 ට සම්බන්ධ වේ.)
- උපාදානයේ ස්වභාවය.
- අවසානය.
- සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණ කයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.