ශීල භාවනාව – Saturday Dhamma Discussion – 73 (30-07-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 73 (අකුසල විපාක යටපත් කරන ක්‍රම: 04 – ලෝණඵල සූත්‍රය) 30-07-2022

ශීල භාවනාව – Saturday Dhamma Discussion – 73 was conducted on 30 July 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 73 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑ තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ජූලි මස 30 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර සජීවී ධර්ම සාකච්ඡා වැඩසටහනේ දී ශීල භාවනාව සහ ශීල භාවනාව ප්‍රගුණ කිරීම තුලින් අකුසල විපාක යටපත් වෙන ආකාරය පිළිබඳව ලෝණඵල සූත්‍රය පාදක කොට දේශනා කල සේක. ශීලය පිලිබඳ මනා විග්‍රහයක් සිදු කරමින් එය වැඩීම සහ වැඩි දියුණු කිරීම (භාවනාව) ලෞකික සහ ලෝකෝත්තර දියුණුවට බලපාන ආකාරය මෙහිදී පැහැදිලි කෙරිණි.

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. ශීල භාවනාව ප්‍රගුණ කිරීම තුලින් අකුසල විපාක යටපත් වෙන ආකාරය පැහැදිලි කරන්න. *** [ශීලය පිලිබඳ අගනා විග්‍රහයක් සිදු කරමින් එය වැඩීම සහ වැඩි දියුණු කිරීම (භාවනාව) ලෞකික සහ ලෝකෝත්තර දියුණුවට බලපාන ආකාරය මෙහිදී පැහැදිලි කෙරිණි.]
  2. මහදන සිටුවරයාහට වූ අයුරින් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවා වූවත්, පාරමිතාවන් සම්පුර්ණ කලා වූවත් ශීලයේ පිහිටියේ නැතිවිට ලෞකික සහ ලෝකෝත්තර පිරිහීමට පත්විය හැකි ආකාරය පැහැදිලි කරන්න. *** (ලෞකික සහ ලෝකෝත්තර දියුණුවට ශීලයේ ඇති අවශ්‍යතාවයත්, බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවේ මුලට ශීලය ඉදිරිපත් කිරීමේ හේතුවත් ඇතුළුව වර්තමානයේ ඇතැම් භික්ෂුන් පවා ශීලය සහ තිසරණය නොමැතිව සතිය පමණක් වැඩීමට යොමුකිරීමේ වැරදි සහ මුලා වූ මාර්ගයත් පැහැදිලි කෙරෙන වටිනා පිළිතුරකි.)
    ඉහත පැනයේදී සඳහන් වුනු “ශීල ප්‍රතිපදාව තුළින් නිවන් මඟ සකස්කර ගැනීම.” යන ධර්ම දේශනාව ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.
  3. බුදුදහමේ විශ්ව ශක්තිය විග්‍රහ කෙරෙන්නේ කෙසේද? ***
  4. සත්ව ඝාතනය වැළැක්වීමට බුදු දහමින් කටයුතු නොකරන්නේ ඇයි?
  5. සෞඛ්‍ය හේතුන් නිසා සත්ව මාංශ අනුභවය සුදුසු නොවේද? 
  6. අල්පේච්ඡ ආසන භාවිතය ආයතන ප්‍රධානීන් විසින් කලයුතු නොවේද? ***
  7. සත්ව මාංශය අනුභව කිරීම වෛද්‍ය විද්‍යාවෙන් නියත වශයෙන් නියම කරන්නේ නැත.
  8. මෙම වැඩසටහන ගැන ශ්‍රාවකයෙක් සිදුකල ඉල්ලීම. (මෙහිදී සිදුකල ඉල්ලීම පරිදි ශීලය පිලිබඳ ගෞරවනීය ස්වාමින්වහන්සේ මෑත කාලයේ සිදුකල ධර්ම දේශනා වල වෙබ් පිටු වලට මෙම යොමුවන් ගෙන් පිවිසෙන්න: 01. දානය සහ ශීලය. (05-06-2022), 02. ශීලය. (04-06-2022)
  9. සත්ව මාංශ අනුභව කිරීම නිසා ඇතිවන ගැටළු.
  10. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.