භාවනා පහාතබ්බා 01 – Saturday Dhamma Discussion – 88 (03-12-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 88 (භාවනා පහාතබ්බා – කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 03-12-2022

භාවනා පහාතබ්බා 01– Saturday Dhamma Discussion – 88 was conducted on 03 December 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 88 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ අට වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 දෙසැම්බර් මස 03 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන භාවනා පහාතබ්බා යන්න කුමක්දැයි පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී.  එමෙන්ම මෙහිදී විශේෂයෙන් සති සම්බොජ්ඣංගය සහ එම සති සම්බොජ්ඣංගය විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව දියුණු කරන ආකාරය පැහැදිලි කරන ලදී.

එමෙන්ම අද දින ධර්ම දේශනාවට සම්බන්ධ වටිනා ප්‍රායෝගික පැන බොහොමයක් ද ධර්ම සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරිණි.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම (භාවනා පහාතබ්බා – සබ්බාසව සූත්‍රය 08) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. සබ්බාසව සූත්‍රයේ දැක්වෙන භාවනා පහාතබ්බා යන්න පැහැදිලි කරන්න. *** (මෙම දේශනාවේ දී සති සම්බොජ්ඣංගය සහ එම සති සම්බොජ්ඣංගය විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව දියුණු කරන ආකාරය පැහැදිලි කරන ලදී. එමෙන්ම සති සම්බොජ්ඣංගය මූලික කරගෙන සම්බොජ්ඣංග හැඳින ගැනීම දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කරන ලදී.) එමෙන්ම සප්ත බොජ්ඣංග පිළිබඳව ගෞරවනීය ස්වාමින්වහන්සේ දින කිහිපයකට පෙර සිදු කල තවත් වටිනා ධර්ම දේශනාවක් තුලින් සප්ත බොජ්ඣංග පිළිබඳව වැඩිදුර කරුණු දැනගත හැකි වේ.  එම දේශනාව ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න: සප්ත බොජ්ඣංග ධර්ම. (24-11-2022)
  2. කල්පිටිය ප්‍රදේශයේ දහම් පාසැල් සඳහා සිදු කෙරෙන ආධාරය පිලිබඳ විස්තරය.
  3. සම්මා සතිය බොජ්ඣංග ධර්මයක් වශයෙන් වැඩෙන සිතක ස්වභාවය ගැන ප්‍රායෝගික පැහැදිලි කිරීමක්. *** (බොජ්ඣංග ධර්ම වැඩෙන සිතක ස්වභාවය පිළිබඳව මෙම පැනය සහ පිළිතුරේ වටිනා ප්‍රයෝගික කරුණු ඇතුලත් වේ.)
  4. සතිය පිළිබඳව අභිධර්ම පිටකයේ ධම්ම සංඝනී ප්‍රකරණයේ දැක්වෙන වටිනා කරුණු. (මෙහි සඳහන් කල පොතේ පිටපතක් pdf ලෙස මෙම යොමුවෙන් බාගත කිරීමට පුළුවන. 193 වෙනි පිට කියවන්න: පරමාර්ථ ධර්ම සංග්‍රහය1_බණ්ඩාරවෙල ධම්මවිජය හිමි 2022)
  5. කටපාඩම් කිරීම සම්පජඤ්ඤයට සම්බන්ධ කර දියුණු කිරීම පිළිබඳව වර්ථමානයේ ඇති දුබලතාවයට හේතු මොනවා ද? *** (මෙම පිළිතුර සහ සාකච්ඡාව පැන අංක: 07 සමග සම්බන්ධ වේ.)
  6. සති බොජ්ඣංගය ඇසුරෙන් දැනුම දියුණු කර ගැනීමට අවශ්‍ය ආකාරය වන්නේ දන්නා කරුණ තුලින් ක්‍රමිකව දියුණු වීමද නැතහොත් සියළු දේ පිලිබඳ පැතිරුණු ලෙස සිහිය යොමු කිරීමක් ද?
  7. බොජ්ඣංග මට්ටමට සතිය දියුණු වූ විට යමක් සිහි කිරීම සහ එයට සම්බන්ධ කරුණු කෙසේ සෙවිය යුතුද යන්න අනායාසයෙන් සිදු කල හැක. ***
  8. සිහිය යනු චෛතසික ධර්මයක් ද?
  9. තණ්හා උපාදානය නිරුද්ධ කිරීම සඳහා විදර්ශනාව ප්‍රායෝගිකව ජීවිතය තුල දියුණු කරන්නේ කෙසේ ද? *** (මෙම පිළිතුර ඉතා ප්‍රායෝගික වටිනා කමකින් යුතු වේ. එමෙන්ම මෙය පැන අංක 13 ට ද සම්බන්ධ වේ.)
  10. විදර්ශනාව ප්‍රායෝගිකව ජීවිතය තුල දියුණු කිරීම ගුණයක් ද නැතහොත් දක්‍ෂතාවයක් ද?
  11. සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙකු තුල හඬා වැළපීම් ඇති වීමට පුළුවන් ද? ***
  12. අවිධ්‍යාව දුරු කිරීමට දුක දුරු කිරීම සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරන්න. *** (මෙහිදී දක්වන පිළිතුර තුල ‘මේ ජීවිතයේ දී නිවන් දැකීම’ යන්න ගැන දැඩි ලෙස වෙහෙසෙන අයගේ මානසිකත්වය ද පැහැදිලි කර තිබීම විශේෂයෙන් වටිනා වේ.)
  13. විදර්ශනාව ප්‍රායෝගිකව ජීවිතය තුල දියුණු කිරීමේදී අප දුරු කල යුත්තේ ලෝභයට අදාල චෛතසික ද? ***
  14. නොකැඩු මල් බුදුරජාණන් වහන්සේට පුජා කිරීම නිවැරදි ද?
  15. ධාතු මනසිකරයේ දී ආපෝ ධාතුවේ ලේ ධාතුව ගමන් කරන්නේ සහ අවයව ක්‍රියා කරන්නේ විඥාන ධාතුව හෝ වායෝ ධාතුව නිසා ද?
  16. චිත්ත කිරිය වායෝ ධාතුව යනු කුමක් ද?
  17. චෛතසික හඳුනා ගැනීම පිළිබඳව හැකියාව දියුණු කිරීම වැදගත් වෙනවා නොවේ ද?
  18. ලස්සන මල් කඩා ගෙන පරිසරයට හානි කර ලෙස පූජා නොකර ගසේ තිබිය දී පූජා කිරීම වඩා සුදුසු නොවේ ද? *** (කුසල් ආකාරයෙන් වංචනික ලෙස සියුම්ව අකුසල් ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මෙහිදී පැහැදිලි කෙරේ.)
  19. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.