බෝධි පාක්ෂික ධර්ම අංක: 15 (13-01-2024)

බෝධි පාක්ෂික ධර්ම අංක: 15 (13-01-2024)

බෝධි පාක්ෂික ධර්ම අංක: 15 (13-01-2024)

බෝධි පාක්ෂික ධර්ම අංක: 15 – Saturday Dhamma Discussion was conducted via Zoom on 13th January 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි අට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ජනවාරි මස 13 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දී සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව පිළිබඳව වටිනා කරුණු පැහැදිලි කරන ලදී.  එසේම අද දින සාකච්ඡාවේ දී සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.

අද දින වැඩ සටහන බෝධි පාක්ෂික ධර්ම දේශනා සහ සාකච්ඡා මාලාවේ අවසානය විය.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව යන කරුණු බෝධි පාක්ෂික ධර්ම වශයෙන් යෙදෙන ආකාරය පැහැදිලි කරන්න. *** (සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව පිළිබඳව ගැඹුරින් සිදුකල පැහැදිලි කිරීමකි. මෙහිදී මෙම ධර්ම ලෝකෝත්තර සහ ලෞකික වශයෙන් බෙදෙන ආකාරය පැහැදිලි කරන ලදී.)
  2. දහම් සෙවනේ ස්වාමින්වහන්සේ විසින් සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව පිළිබඳව දැක්වූ අදහස්.
  3. පරුෂ වචනයෙන් පණිවිඩ අන්තර්ජාලය තුලින් යැවීමේ දී මිච්චා වාචාව සිදුවෙනවා ද? ***
  4. අශ්වයන් දමනය කිරීමට සාපේක්‍ෂව බුදුරජාණන් වහන්සේ ”ඝාතනය” යන්නෙන් අදහස් කලේ කුමක්දැයි පහදා දෙන්න. ***
  5. නිවස සහ වත්ත පිරිසිදු කිරීමේ දී කුඩා සතුන්ට හානි පැමිණීම වැළැක්වීම පිළිබඳව මා ඕනෑවට වඩා සිතනවා දැයි පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. මාගේ කථාව සම්මා වාචා වුවත් එයින් යමෙකුගේ හිත රිදෙනවා නම් ඒ ගැනත් සැලකිය යුතු බව හැඟෙයි. මේ පිළිබඳව පහදා දෙන්න. *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. ගොවියන් රැකියාව සඳහා කෘමි නාශක භාවිතා කිරීමේ දී එම අකුසලය අඩු වැඩි වෙනවා ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. යහපත් අරමුණක් ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය නායකයෙක් කටයුතු කිරීමේ දී මිච්චා වාචා සහ මිච්චා ආජීවය තේරුම් ගන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. උපායශීලීව කටයුතු කිරීම සහ විරති පිළිබඳව දහම් සෙවනේ ස්වාමින්වහන්සේ දැක්වූ අදහස්.   
  10. අවසානය සහ ඊළඟ වැඩසටහන පිළිබඳව දැනුම් දීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.