ප්‍රයෝග සම්පත්තිය – Saturday Dhamma Discussion – 77 (27-08-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 77 (අකුසල විපාක යටපත් කරන ක්‍රම – ලෝණඵල සූත්‍රය) 27-08-2022

ප්‍රයෝග සම්පත්තිය – Saturday Dhamma Discussion – 77 (27-08-2022) was conducted on 27 August 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 77 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑ හත්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 අගෝස්තු මස 27 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර ධර්ම දේශනාවේ දී ප්‍රයෝග සම්පත්තිය ආධාරයෙන් අකුසල විපාක යටපත් කරන්නේ කෙසේදැයි පහදා දුන් සේක.

අපගේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක තමාටත් අනුන්ටත් හිතකර ආකාරයෙන් හසුරුවා ගැනීමේ ඇති හැකියාව සහ දක්‍ෂතාවය නිසා අකුසල කර්ම යටපත් කර ගන්නා ආකාරය මෙහිදී ප්‍රයෝග සම්පත්තිය ලෙස පැහැදිළි කරන ලදී.  එමෙන්ම සති සම්පජඤ්ඤය මෙම ප්‍රයෝග සම්පත්තියට බෙහෙවින් හේතුවන බව මැනවින් පැහැදිලි කෙරිණි.

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. ප්‍රයෝග සම්පත්තිය යනු කුමක්දැයි පහදා දී ඒ තුලින් අකුසල කර්ම යටපත් කර ගන්නා ආකාරය පැහැදිලි කරන්න. *** (අපගේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක තමාටත් අනුන්ටත් හිතකර ආකාරයෙන් හසුරුවා ගැනීමේ ඇති හැකියාව සහ දක්‍ෂතාවය නිසා අකුසල කර්ම යටපත් කර ගන්නා ආකාරය මෙහිදී පැහැදිළි කරන ලදී.)
  2. අනුරාධපුර වස් කාලයේ දානය පිළිබඳ දැන්වීම සහ ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න ඇසීම පිළිබඳව නැවත පහදා දීම.
  3. චිත්ත භාවනාව දියුණු කිරීමෙන් සහ කුඩා කලදී දරුවන්ට හොඳ පුරුදු ඉගැන්වීමෙන් ප්‍රයෝග සම්පත්තිය දියුණු වෙනවා නොවේද? *** (ආත්ම අර්ථය සහ පර අර්ථය පිණිස කුඩා කල සිට දෙමාපියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් විසින් උගන්වන වටිනා හොඳ පුරුදු සහ බුදු දහමේ උගන්වන්නා වූ වඩාත් පුළුල් සහ ගැඹුරු පුහුණුව ප්‍රයෝග සම්පත්තියට උදව් වෙන ආකාරයත් සීල, කාය, චිත්ත සහ ප්‍රඥා භාවනා ප්‍රයෝග සම්පත්තියට උදව් වෙන ආකාරයත් මෙහිදී පැහැදිළි කෙරේ.)
  4. ප්‍රයෝග සම්පත්තිය යනු වෙනත් ආකාරයකින් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍යය කියා කිව හැකිද?
  5. චන්ද, චිත්ත, විරිය සහ විමංසා භාවිතය කරදර ජය ගැනීමට උපායශීලීව යොදා ගැනීම ධර්මානුකූල වේද? *** (විමංසාව මත පිහිටා චන්ද, චිත්ත, විරිය පුහුණු කිරීම පිළිබඳව ඉතා වටිනා පිළිතුරකි.)
  6. ධම්මානුපස්සනාව යනු කුමක් ද?
  7. ප්‍රයෝග සම්පත්තිය යනු සිහි නුවණ සහ වර්ථමාන මොහොත නොවේ ද? ***
  8. මෝහනය තුලින් යටිසිත සැලසුම් කිරීම තුලින් ප්‍රයෝග සම්පත්තිය ඇති කල හැකිද?
  9. සතර සංග්‍රහ වස්තු වල අර්ථ චරියාවෙන් සහ සමානාත්මතාවයෙන් සංග්‍රහ කල යුතු අය කවුරුන්ද සහ එහි වටිනාකම කුමක්දැයි පහදා දෙන්න. *** (සතර සංග්‍රහ වස්තු පිළිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  10. ධර්මය කියවා, වීඩියෝ නරඹා සහ අසා එය අන් අය වෙත බෙදා හැරීම සුදුසු දෙයක් ද? ***
  11. කර්මයන්ගේ විපාක පුද්ගලිකව සහ සාමුහික යන දෙයාකාරයෙන්ම විපාක දිය හැකි ද? *** (කර්මය විපාක දෙන ආකාරය පිලිබඳ ඉතා වටිනා කරුණු රැසක් මෙහිදී පැහැදිලි කෙරේ.)
  12. මෛත්‍රී භාවනාව කරන විට ඇතිවෙන ජවන් සිත් බලපවත්වන්නේ කුමන ආකාරයකට ද?
  13. චිත්ත නියාමය යනු කුමක් ද?
  14. අවසානය.