දස පාරමිතා 01 (හැඳින්වීම) 20-01-2024

දස පාරමිතා 01 (හැඳින්වීම) 20-01-2024

දස පාරමිතා 01 (හැඳින්වීම) 20-01-2024

දස පාරමිතා අංක: 01 (හැඳින්වීම) – Saturday Dhamma Discussion was conducted via Zoom on 20th January 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි අට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ජනවාරි මස 20 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් පාරමිතා යනු කුමක්දැයි හඳුන්වා ආරම්භ කෙරිණි.  පාරමිතා දියුණු කිරීම සෑම බෞධයෙකුටම අත්‍යාවශ්‍ය කරුණක් වන්නේ කෙලෙස් (තණ්හා,මාන,දිට්ඨි වලින් කෙලෙසුණු අකුසල්) දුරු කිරීමටත්, නිවන් දැකීමටත් එම ධර්මතා අත්‍යවශ්‍ය වෙන නිසාවෙනි. යමෙක් මේ අතිශයින් ම දිගු වූ සසර ගමනේ දී කෙදිනක හෝ නිවන් දැකීමට නම් මෙම පාරමිතා ධර්ම සම්පුර්ණ කොට තිබිය යුතු බව මනාව පැහැදිලි කෙරිණි. 

එමෙන්ම අද දින ධර්ම සාකච්ඡාවේදී පාරමිතා සහ පාරමිතා පුහුණු කිරීම පිලිබඳ වටිනා කරුණු මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: පාරමිතා යනු මොනවාද සහ ඒවායේ වැදගත්කම පැහැදිලි කරන්න. *** (පාරමිතා යන වචනයේ තේරුම, පාරමිතා කිරීමේ අවශ්‍යතාවය, පාරමිතා සම්පාදනය කරන්නේ කෙසේද, නිවන අරමුණු කරගත් ප්‍රර්ථනා මනසේ ඇති කරගන්නා ආකාරය යානා දී කරුණු පැහැදිලි කරන ඉතා වටිනා හැඳින්වීමක පළමු දේශනාව මෙය වේ.)
  2. වර්ථමාන සමාජයේ පිංකම් කිරීමේ දී ඒවා බොහෝ විට සිදුකරන්නේ පාරමිතා පිළිබඳව අදහසක් නොමැතිව නොවේ ද?*** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  3. ඉතාමත් දිග සසරේ ගමන් කරන විට පාරමිතා දියුණු කිරීම යන්නෙන් අදහස් වන්නේ තණ්හා,මාන,දිට්ඨි වලින් තොරව ගුණ නුවණ දියුණු කර ගැනීම නොවේ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.) එම පැහැදිලි කිරීමේ දී සඳහන් වුනු සොතානුධත සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සොතානුධත සූත්‍රය.
  4. පාරමිතා සසර පුරා වැඩීමට ප්‍රාර්ථනාවේ වැදගත් කමත් සහ මහා බෝධිසත්වයන් වහන්සේලාගේ එම ප්‍රර්ථනා අතිශයින්ම දිග සසරේ දී මතකයේ රැඳෙන ආකාරය පැහැදිලි කරන්න.*** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. දහම් සෙවනේ ස්වාමින්වහන්සේ විසින් ඉදිරිපත් කෙරුණු අදහස්. ***
  6. මහා බෝධිසත්වයන්ගේ අවසාන භවයේ ක්‍රියාකාරීත්වය උන්වහන්සේගේ පෙර භවයන් වලට වඩා වෙනස් වෙනවා ද? *** 
  7. ශ්‍රාවක බෝධිසත්වයෙකු බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබන්නේ ද? ***
  8. අවසානය සහ ඊළඟ වැඩසටහන පිළිබඳව දැනුම් දීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.