අකුසල විපාක දෙන විශේෂ ආකාරය – Saturday Dhamma Discussion – 71 (16-07-2022)

අකුසල විපාක දෙන විශේෂ ආකාරය – Saturday Dhamma Discussion – 71 was conducted on 16 July 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 71 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑ එක්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ජූලි මස 16 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර සජීවී ධර්ම සාකච්ඡා වැඩසටහනේ දී අකුසල විපාක දෙන විශේෂ ආකාරය පිළිබඳව ලෝණඵල සූත්‍රය පාදක කොට දේශනා කල සේක.  එමෙන්ම මෙවර දේශනාව සහ සාකච්ඡාව, පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇතිවූ සිදුවීම් ඇසුරු කොට ගෙන කර්මය සත්වයාගේ සංසාරික ගමනට බලපාන ආකාරය මැනවින් පැහැදිලි කෙරුණු විශිෂ්ට වැඩසටහනක් විය. 

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. ලෝණඵල සූත්‍රයේ දක්වා ඇති කර්මය විපාක දෙන විශේෂ ආකාරය පැහැදිලි කරන්න. *** (පොදු හේතුඵල ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව, ධර්මානුධර්ම ප්‍රතිපදාව, සහ ලෝණඵල සූත්‍රයේ දක්වා ඇති කර්මය විපාක දෙන විශේෂ ආකාරය පැහැදිලි කෙරෙන වටිනා දේශනයකි.)
  2. රටක නායකයා ගන්නා වැරදි තීරණ නිසා මුළු මහත් ජනතාවකගේ අකුසල කර්ම මතුවී පල දීමට සිදුවීම එම නායකයාගේ ඉදිරි සංසාරික ගමනට දැඩි ලෙස බලපෑමට හේතු වෙනවා නේද? *** (අපගේ බලපෑම ඇතිකරනා ක්ෂේත්‍රය විශාල වන්නට, වන්නට ඒ තුලින් බහුල ලෙස ඇතිවිය හැකි අකුසල් වල බලපෑමද විශාල වෙන බව සහ එහි අති බරපතල තත්වය මෙහිදී පැහැදිලි කෙරේ. එමෙන්ම දානය දීමෙන් ඔබ්බට ගිය නුවණින් කුසල් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී දැඩිලෙස  අවධාරණය කෙරේ.
  3. ජන අරගලයක් “සාමකාමී” ලෙස හැඳින්වුවත් මහේශාක්‍ය නොවන සිත් ඇති බොහෝදෙනා ඒ තුලින් අකුසල් විශාල ලෙස රැස් කරගන්නවා නේද? *** (වාචසිකව, මානසිකව සිත් දුෂ්‍ය වීමෙන් සහ අන් අයගේ සිත් දුෂ්‍ය කිරීම නිසාත් විශාල අකුසල් ඇතිවීමට හැකි ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ. එමෙන්ම අපිරිසිදු, අකුසල බහුල සමාජයකට ඇතිවන නායකයන්ද එවැනි අය වීමට ඇති ප්‍රවණතාවයද මෙහිදී පැහැදිලි කෙරේ.)
  4. මහේශාක්‍ය බව මනාව ඇති වීමට කාය, ශීල, චිත්ත සහ ප්‍රඥා භාවනා සමව වැඩී තිබිය යුතුද? *** (ප්‍රඥා භාවනාවේ ඇති වැදගත්කම සහ භාවනා සමබර කරගැනීමේ වැදගත්කම පැහැදිලි කෙරෙන මෙම පිළිතුර වටිනා වේ.)
  5. ජීවිතයේ ඇතිවන ගැටළු වලට මුහුණ දීමේදී වැදගත්වෙන කරුණ කුමක්ද? ***
  6. අසාධාරණය අපගේ ප්‍රඥාව අවධි කර ගැනීමට යොදා ගත හැකි නොවේද? ***
  7. පසුවස් සමාදම් වූ භික්ෂුන් වහන්සේට කටින චීවරය පුජා කිරීම පහදා දෙන්න.
  8. අපරාපරිය වේදනීය කර්ම විපාක දෙන්නේ එක් වතාවක් පමණද?
  9. වරක් ප්‍රතිසන්ධියක් ඇතිකළ චිතුප්පාදයකට ඉදිරියේදී ප්‍රවුර්ති විපාක ඇති කිරීමේ හැකියාවක් තිබේද?
  10. එදිනෙදා කටයුතුවල සිහිය පිහිටුවන විට එය ධර්ම මාර්ගයට පිටුවහලක් වන්නේ කෙසේද? *** (සිහිය පිහිටුවීම යන්න කුමක්ද යන කාරණය කෙටියෙන් පැහැදිලි කෙරෙන වටිනා පිළිතුරකි.)
  11. රටේ ඇති වර්තමාන වාතාවරණය යටතේ සිතේ ගැටීම නැතිකර ගැනීමට හේතු ඵල වශයෙන්, කර්මය සහ ත්‍රිලක්ෂණ වශයෙන් දැකීමට වූ හැකියාව චතුරාර්‍ය සත්‍යය දැකීමට යොමු කරන්නේ කෙසේද? ***
  12. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.