භද්‍ර මරණයක් සඳහා සිත සකසා ගැනීම. (26-02-2022)

Image by Bhikku Amitha from Pixabay.

භද්‍ර මරණයක් සඳහා සිත සකසා ගැනීම යන මෙම ධර්ම දේශනය ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වර්තමාන තත්වයට ඉතාම සුදුසු වන්නේ පහත සඳහන් කරුණු නිසාවෙනි.

  • වර්තමානයේ අප ගතකරන ජීවිතයේදී සිත කැළඹීමට බොහෝ කරුණු සහ අවස්ථා යෙදේ. එමෙන්ම එම කැළඹෙන, ගැටෙන මානසිකත්වය එවිට අප මනසේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගැනේ. එවිට එබඳු සිත කැළඹුණු විටෙක පෘතග්ජනයෙකුගේ මරණය සිදු වුවොහොත්, එම සත්වයා ඊළඟ භවය දුගතියක උප්පතියක් ඇති කිරීමට එය හේතු වේ.
  • එමෙන්ම දැනට බෞද්ධ සමාජයේ මුල්බැසගෙන ඇති වැරදි විශ්වාස දෙකක් පිළිබඳවද මෙහිදී නිවැරදි කෙරේ.  එනම් දෙව්ලොව ඉපිද කල්‍යාණ මිත්‍රයෙකුගෙන් බණ අසා සෝවාන් වීම සහ නියත ගතික වූ සොවන්වූ මහානාම රජු කෙරේ දේශනා කල මහානාම සූත්‍රයේ ඇති කරුණු පෘතග්ජනයන් සම්බන්ධයෙන් වැරදි ලෙස ගලපීමත් යන කරුණු දෙක වේ.
  • මෙම ධර්ම දේශනාවේ ඇති ඉතාම වටිනා පණිවිඩයක් වන්නේ දුතිය මරණ සති සූත්‍රය ඇසුරින් අපගේ මරණය ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බැවින් අපගේ සිත නිරන්තරයෙන් කැළඹෙන තත්වයෙන් ඉවත් කරගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සහ එය සිදුකරන ආකාරය මැනවින් පැහැදිලි කිරීමයි.
  • එමෙන්ම සංඛාරුප්පත්ති සූත්‍රය අනුව පෘතග්ජනයන් විසින් ඇතිකරගත යුතු මරණින් පසු සුදුසු උප්පත්තියක් සඳහා ඇතිකරගත යුතු අධිෂ්ඨානය පිළිබඳවද මනාව පැහැදිලි කෙරේ.
    මෙහිදී ඒ සඳහා තමන් තුල දියුණු වී තිබිය යුතු ගුණාංග (ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග සහ ප්‍රඥා) පිළිබඳව වැඩි දැනුමක් අවශ්‍ය නම් පහත දක්වා ඇති යොමුවෙන් එම සූත්‍රය කියවන්න.

“භද්‍ර මරණයක් සඳහා සිත සකසා ගැනීම” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“භද්‍ර මරණයක් සඳහා සිත සකසා ගැනීම” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, අට්ඨක නිපාතයේ, යමක වර්ගයේ ඇති දුතිය මරණ සති සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: දුතිය මරණ සති සූත්‍රය.

එමෙන්ම මෙම වටිනා ධර්ම දේශනාවේදී සඳහන් වුනු මහානාම සූත්‍ර දෙක සහ සංඛාරුප්පත්ති සූත්‍රය ද ත්‍රිපිටකයෙන් මෙම යොමුවන්ගෙන් කියවන්න;

  1. ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 3. සරකානි වර්ගය: මහානාම සූත්‍රය.
  2. ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 3. සරකානි වර්ගය: දුතිය මහානාම සූත්‍රය.
  3. ත්‍රිරිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 2. අනුපද වර්ගය: සංඛාරුප්පත්ති සූත්‍රය.

මෙම විශිෂ්ට ධර්ම දානය, අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2022 පෙබරවාරි මස 26 දින සිදුකරන ලදී.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  2. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  3. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  4. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  5. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

One thought on “භද්‍ර මරණයක් සඳහා සිත සකසා ගැනීම. (26-02-2022)

  1. Pingback: අකුසල විපාක යටපත් කරන ක්‍රම – Saturday Dhamma Discussion – 70 (09-07-2022) | Damsara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.