මව්පිය උපස්ථානය හා නිර්වාණාවබෝධය. (08-10-2021)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

මව්පිය උපස්ථානය හා නිර්වාණාවබෝධය පිළිබඳව අප බොහෝ දෙනා නොදුටු පැතිකඩ දක්වමින් සිදුකෙරෙන මෙම ධර්ම දේශනාව අප සියළු දෙනාට ඉතා වටිනා වේ. ඒ මන්ද යත් අප සියළු දෙනාම කුමන වයසක පසු වූවත් මාපියන්ගේ දරුවන් වන බැවිනුත් ටිකෙන් ටික හෝ නිවන කරා උත්සාහ කරන්නන් වන බැවිනුත් වේ. 

එමෙන්ම මව්පියන්ගේ ගුණ පිලිබඳ අප නොසිතන සහ නොදන්නා බොහෝ කරුණු මෙම දේශනාවේ ඇතුලත් වේ.  විශ්වයේ බොහෝ සත්වයින් මිනිස් ලොව ඉපදීමට සුදුසු වුවත් මිනිස් මව් කුසක් ලැබෙනා තුරු බලා සිටීම එයින් එක කරුණකි.  එමෙන්ම මව්පිය උපස්ථානයක් සිදුකල පමණින්ම එය නිර්වාණාවබෝධය පිණිස හේතු වන්නාවූ කුසලයක් නොවන බවත් මෙහිදී පැහැදිලි වේ.

මෙම දේශනාව සියලුම දූ දරුවන් කිහිපවිටක් ශ්‍රවණය කිරීමට සුදුසු අගනා ධර්ම දේශනාවකි.

“මව්පිය උපස්ථානය හා නිර්වාණාවබෝධය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“මව්පිය උපස්ථානය හා නිර්වාණාවබෝධය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ, දුක නිපාතයේ, සමචිත්‌ත වර්ගයේ එන භූමි සූත්‍රයයි. එම සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: භූමි සූත්‍රය.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ඔක්තෝබර් මස 08 වෙනි දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  එම මහඟු ධර්ම දානය, දික්වැල්ලේ විසූ අජිත් වීරකෝන් මහතා හට පින් පිණිස ආදරණීය බිරිඳ ලක්මිණී එදිරිසිංහ සහ දූ දරුවන් ඇතුළු ඥාතීන් විසින් සිදුකරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.