චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව පිලිබඳ වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2022 පෙබරවාරි 07 දින සියත රූපවාහිනියෙන් සිදුකරන ලදී. පටිසම්භිදාමාග්ග ග්‍රන්ථයේ සඳහන් වෙන මෙම භාවනා ක්‍රමය මෑත කාලයේදී ශ්‍රී ලංකික බෞද්ධයන් හට මානව පැහැදිලිකර දුන් අති පූජනීය රේරුකානේ චන්දවිමල මහා ස්වාමින්වහන්සේ විසින් රචිත ග්‍රන්ථය පිළිබඳව විස්තරයක් තුලින් චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව පිළිබඳව පැහැදිලි කිරීම මෙහිදී සිදුවේ.
සමථ භාවනාවෙන් විපස්සනාව වෙනස් වන ආකාරය සහ විපස්සනාවේ ඇති වැදගත්කම මෙහිදී අසන්නාට විස්තර කෙරේ. එමෙන්ම මෙම ක්‍රමය මහා විපස්සනා භාවනාව යනුවෙන් දැක්වෙන්නේ කවර හේතුන් නිසාද සහ එය වඩනා ආකාරයද මෙහි හඳුන්වා දේ.
මෙම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
මෙම ධර්ම දේශනාවේ වීඩියෝවට මෙම යොමුවෙන් පිවිසෙන්න.
ධර්ම දේශනාවට පාදක වූ සංයුක්ත නිකායේ ඛන්ධවග්ග සංයුත්තයේ ධම්මකථික වග්ගයේ සීල සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙම යොමුවෙන් කියවන්න: සීල සූත්‍රය.