කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම. (01-01-2022)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ කුමන හේතුන් නිසාද යන්න පළමුවෙන් පැහැදිලි කිරීම වැදගත් වේ.  සමාජයේ ජීවත්වෙන සෑම දෙනෙකුටම වාගේ නිතර ඇසුරු කරන, අදහස් හුවමාරු කරගන්නා මිතුරන් එක්කෙනෙකුන් හෝ කිහිප දෙනෙක් සිටී.  ඒ අයගේ ඇසුර නිසා කාලය ගතවීමෙන් අපගේ සිතුම් පැතුම්, ක්‍රියා සහ ආවේග හැඩ ගැසීම හොඳ අතට හෝ නරක අතට හෝ වෙනස් වීම අපට නොදැනීම සිදුවේ.

එම වෙනස්වීම් යාන්ත්‍රණය හඳුනා ගැනීමත්, කල්‍යාණමිත්‍රයා යනු කවරේද, එම ඇසුර සම්පත්තියක් ලෙස දක්වන්නේ මොන හේතුන් නිසාද යන කරනා බුදු දහමට අනුව මනා ලෙස මෙම දේශනාවෙන් පැහැදිළි කෙරේ.

මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා වන්නේ ඒ නිසා වෙනි.

”කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

”කල්‍යාණමිත්‍ර සම්පත්තියේ වටිනාකම” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ, එකක නිපාතයේ, කල්‍යාණමිත්‍ර වර්ගයේ එන කල්‍යාණමිත්ත සූත්‍රයයි. එම සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: කල්‍යාණමිත්ත සූත්‍රය.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2022 ජනවාරි මස 01 වන දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  මෙම මහඟු ධර්ම දානය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 91 කණ්ඩායමේ ආදි ශිෂ්‍ය මිතුරු පිරිසක් විසිනි.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.