එදිනෙදා ජීවිතයට භාවනාව උපයෝගී කර ගැනීම. (17-12-2021)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

එදිනෙදා ජීවිතයට භාවනාව උපයෝගී කර ගැනීම යන මෙම ධර්ම දේශනාව වර්ථමාන කාලයට ඉතා යෝග්‍ය ධර්ම දේශනාවකි.  එකම ඉරියව්වක සිට භාවනාව පුහුණු කිරීම යන ක්‍රමවේදය මේ කාලයේ බොහෝ දෙනා භාවනා කරන පිළිවෙලයි. එනමුත් නිවැරදිව භාවනාව යනු සිත දියුණු කිරීමයි.සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන සිදුවීම් තුලදී අපගේ සිත, කය සහ වචනය හසුරුවන ආකාරය භාවනාවේ දියුණුවේ මාපකයක් බව බොහෝ දෙනෙකුට මග හැරෙන කරුණකි.

උදාහරණයක් ලෙස මේ දිනවල නිරන්තරයෙන් වැඩිවන භාණ්ඩ සහ සේවා මිල ගැන අපගේ සිත් තුල ද්වේශයක් සහ දොම්නසක් ඇතිවන්නේ නම් එහි මුල් හේතුන් සොයා දැනගෙන ඒ සඳහා කලයුතු ක්‍රියා මාර්ගය මෙම වටිනා දේශනාවෙන් ඉදිරිපත් කෙරේ. එවන් අවස්ථා වලදී මෛත්‍රී කිරීමේ නිෂ්ඵලත්වය මෙහි පැහැදිලි කෙරේ. එමෙන්ම විශේෂයෙන් එදිනෙද ජීවිතයේදී භාවනාමය මනසක් ඇතිකර ගැනීම සඳහා අපට පුහුණු කරගත හැකි සරල ක්‍රමවේදයක්ද මෙම දේශනාවෙන් පෙන්වා දේ.

”එදිනෙදා ජීවිතයට භාවනාව උපයෝගී කර ගැනීම” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

”එදිනෙදා ජීවිතයට භාවනාව උපයෝගී කර ගැනීම” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ බුද්ධ වග්ගයේ පස්‌වන ගාථා රත්නයයි. එය සියළු බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව කෙටියෙන් දක්වන ”සබ්බ පාපස්‌ස අකරණං..” ගාථාවයි. එය මෙතනින් කියවන්න: ”සබ්බ පාපස්‌ස අකරණං..”

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 දෙසැම්බර් 17වෙනි දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  මෙම මහඟු ධර්ම දානය, මාකොළ පදිංචි කාන්ති අමරසිංහ මහත්මිය විසින් 96 වන වියේ පසුවෙන දයාබර මෑණියන්ට නිරෝගී සුවය ප්‍රර්ථනා කිරීම සඳහා සිදුකරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.