වර්ථමානය තුළ ජීවත්වීම (04-09-2021)

අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

”වර්ථමානය තුළ ජීවත්වීම” පිළිබඳව වර්තමාන ලෝකයේ බොහෝ උනන්දුවක් සහ උද්යෝගයක් පවතී. ලොව පුරා Mindfulness නැතහොත් සතිමත්වීම යනුවෙන් එදිනෙදා ජීවිතයේ වර්ථමානය තුළ ජීවත්වීම පිලිබඳ පුහුණුවීමට බොහෝ දෙනා උනන්දුවක් සහ නැමියාවක් දක්වති.

එනමුදු ඔවුන් අතීතයෙන් හෝ අනාගතයෙන් මනස මුදවාගෙන වර්තමානයේ සිත තබාගෙන සිටිය පමණින්ම බුද්ධ ධර්මයට අනුව සතිය දියුණු කරන අය නොවන බව මෙම වටිනා ධර්ම දේශනාවෙන් පැහැදිලිවේ.  ඒ මන්ද යත් හැගීම් වලට එල්බගෙන ඇලීම් සහ ගැටීම් වල හසුවී ”වර්ථමානය තුළ ජීවත්වීම” සිදුවිය හැකි බැවිනි.

මෙම වටිනා සහ කාලීන දේශනාවේ බුදු දහමේ උගන්වන සතිය පිලිබඳ මහඟු කරුණු රැසක් ඇතුලත් වේ.

මෙම වටිනා ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.

මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූ මජ්‌ඣිම නිකායේ, උපරි පන්නාසකයේ විභංග වර්ගයේ සඳහන් වෙන භද්දේකරත්ත සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයේ මෙම යොමුවෙන් කියවන්න:  භද්දේකරත්ත සූත්‍රය

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මස 04 වෙනි දින සියත රූපවාහිනියෙන් සිදුකරන ලදී.  එම මහඟු ධර්ම දානය, අතුර බුලත්සිංහල විසූ වර්ෂ 2020 දී අභාවප්‍රාප්ත වුනු ධනංජය රසික විජේකෝන් ස්වාමිපුරුෂයාට ඇතුළු මියගිය ඥාතීන්ට පිං පිණිස ආදරණීය බිරිඳ වූ ජී. ඩබ්ලියු. එන්. විරාජී මහත්මිය විසින් සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.