
මානසික ආතතිය සහ පසුතැවීම අඩු කරගන්නේ කෙසේද? (25-03-2023)
මානසික ආතතිය සහ පසුතැවීම අඩු කරගන්නේ කෙසේද යන ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර රත්නයක් ඇසුරින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ සිදුකල ඉතා කාලීන සහ වටිනා ධර්ම දේශනාවකි.
සියැස රූපවාහිනිය තුලින් සිදු කෙරුණු මෙම ධර්ම දේශනාවේ දැක්වෙන මූලික දහම් කරුණු ආධ්‍යාත්මික දියුණුව සහ ලෞකික දියුණුව යන මාර්ගයන් දෙකටම අදාළ වේ. එහෙත් එම දියුණුව ඇතිකර ගැනීම සඳහා පෙන්වා දී ඇති මාවත ප්‍රගුණ කර ගැනීමට නම් සතිය, සම්පජඤ්ඤය සහ වීර්ය සම බරව, අවශ්‍ය ප්‍රමාණයෙන් දියුණු කරගැනීම සහ යොදා ගැනීම අවශ්‍ය වේ. ඒ මන් ද? එම සූත්‍රයේ සඳහන් වෙන පණ්ඩිතයන් දෙදෙනා දියුණු කර ඇති හැකියාවන් වන්නේ;
- තමා වෙත පැමිණියාවූ බර පමණක් හොඳින් දැන එය ඉසිලීමේ දක්ෂ වීම.
- සහ තමා වෙත නොපැමිණියා වූ බර හොඳින් දැන එය ඉසිලීමෙන් වැළකීමේ දක්ෂ වීම යන කරුණු වීම නිසාවෙනි.
- “මානසික ආතතිය සහ පසුතැවීම අඩු කරගන්නේ කෙසේද?” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙම යොමුවෙන් ලබාගන්න.
- “මානසික ආතතිය සහ පසුතැවීම අඩු කරගන්නේ කෙසේද?” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතැනින් නරඹන්න.
මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්ගුත්තර නිකායේ, දුක නිපාතයේ, බාල වර්ගයේ එන ආගතභාර සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: ආගතභාර සූත්‍රය.
- Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
- Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
- Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
- Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
- Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
- Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
- Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
- Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01