වර්ථමානයේ ජීවත්වීම. (18-11-2023)

වර්ථමානයේ ජීවත්වීම

වර්ථමානයේ ජීවත්වීම. (18-11-2023)

වර්ථමානයේ ජීවත්වීම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය මගින් සිදු කරන ලද මෙම ධර්ම දේශනාව ඉතා වටිනා ධර්ම දේශනාවකි.  බුදු දහමේ ලෞකික ප්‍රතිපදාවට අනුව සරල ආකාරයෙනුත්, ලෝකෝත්තර විපස්සනා භාවනා මාර්ගයට අනුව ගැඹුරු ආකාරයෙනුත් යන දෙයාකාරයකින් වර්ථමානයේ ජීවත්වීම සිදුකල යුත්තේ කෙසේදැයි මෙහි දී පැහැදිලි කෙරේ. 

වර්තමානයේ හේතු සහ ප්‍රත්‍ය සම්පාදනයේ අත්‍යවශ්‍යතාවය, පුද්ගල සංකල්ප ඇතිවෙන ආකාරය, උපාදානයන් ඇතිවෙන සහ ඇතිකර ගන්නා ආකාරයත් සහ උපාදානයන් දුරු කිරීමට අනිත්‍ය ධර්මය වැඩෙන ලෙස සති සම්පජඤ්ඤය දියුණු කිරීම පිළිබඳ වටිනා කරුණු මෙහි දී පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, මජ්‌ඣිම නිකායේ, උපරි පන්නාසකයේ, විභඞ්‌ග වර්ගයේ එන භද්දේකරත්ත සූත්‍රයයි. එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: භද්දේකරත්ත සූත්‍රය.

මෙම දේශනාවට පාදක වූ භද්දේකරත්ත සූත්‍රයේ සුප්‍රසිද්ධ ගාථා දිත්වය පහතින් දැක වේ;

අතීතං නාන‍්වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං, 
යදතීතං පහීනං තං අප‍්පත‍්තඤ‍්ච අනාගතං.
ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන් ගෙන් නොයන්නේය. අනාගත (නුපන්) පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යමක් ඉක්ම ගියේද එයා ප්‍රහීණ වූයේ (නැතිවූයේවේ.) අනාගත පඤ්චස්කන්ධය නොපැමිණියේ (නුපන්නේ) වෙයි.

පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති,
අසංහීරං අසංකුප‍්පං තං විද‍්වා මනුබ්‍රෑහයෙ.
වර්තමානවූ (ඉපද පවත්නාවූ) යම් පඤ්චස්කන්ධයක් වේද, ඒ පඤ්චස්කන්ධය ඒ ඒ උපන් තන්හිම අනිත්‍යාදී වශයෙන් බලන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.