ප්‍රහාන සංඥාව යනු කුමක් ද? (17-10-2023)

ප්‍රහාන සංඥාව යනු කුමක් ද? (17-10-2023)

“ප්‍රහාන සංඥාව යනු කුමක් ද?” යන ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය මගින් සිදුකරන ලද වටිනා ධර්ම දේශනාවකි.  මෙම දේශනාවේ ඇති සුවිශේෂී වැදගත්කම වන්නේ ප්‍රහාන සංඥාව පැහැදිලි කිරීමත් සහ නිවන් අවබෝධය සඳහා එය වඩන ආකාරයත් විස්තර කෙරෙන නිසාවෙනි. 

අප විසින් වැරදි ආකාරයෙන් සංඥා ගැනීම තුලින් ඇතිවන පැටලවීම නිසා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යනාදී අකුසල ධර්මයන් ඇතිවෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.  එමෙන්ම ප්‍රහාන සංඥාව යන්න තේරුම් ගැනීමට ඉතා වටිනා ප්‍රායෝගික උදාහරණයක් ද මෙහිදී පැහැදිලි කෙරේ.

එවන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යනාදී අකුසල ධර්මයන් බැහැර කිරීම සඳහා අප ප්‍රහාන සංඥාව නිරතුරුව පුහුණු කරන විට අකුසල ධර්මයන්ගේ අනන්‍ය ලක්‍ෂණ ක්‍රමයෙන් වඩා පැහැදිලි ලෙස වැටහෙමින්, අවිද්‍යාව දුරු වෙමින් සතිය සහ සම්පජඤ්ඤය වඩාත් තියුණු ලෙස දියුණු වීම සිදුවේ.  එය සම්මා දිට්ඨිය ඇති වීමටත් නිවන් අවබෝධය සඳහාත් හේතු වේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ, දසක නිපාතයේ, සචිත්‌ත වර්ගයේ එන ගිරිමානන්‌ද සූත්‍රයයි. එම සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: ගිරිමානන්‌ද සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.