කිංසුකොපම සූත්‍රයෙන් දැක්වෙන වටිනා දහම. (30-08-2023)

කිංසුකොපම සූත්‍රයෙන් දැක්වෙන වටිනා දහම. (30-08-2023)

කිංසුකොපම සූත්‍රයෙන් දැක්වෙන වටිනා දහම. (30-08-2023)

කිංසුකොපම සූත්‍රයෙන් දැක්වෙන වටිනා දහම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි සියළු බෞද්ධයන් හට ඉතා වටිනා ධර්ම දේශනාවකි

අපගේ දැක්ම ඉතාම පිරිසිදු වෙන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ සිටි එක් භික්ෂුන් වහන්සේ කෙනෙකු නොයෙකුත් රහතන් වහන්සේලාගෙන් විමසු පැනයක් හා සම්බන්ධ සිදුවීම් රැසක් තුලින් සෑම කාලයකම වෙසෙනා පැවිදි සහ ගිහි බෞධයන්ට ඉතා වැදගත් වෙන වටිනා දහමක් මෙම දේශනාවෙන් මතු කෙරේ. 

අපගේ දැක්ම ඉතාම පිරිසිදු කර ගැනීමට අප බොහෝ දෙනෙකු තුල කැමැත්තක්, ඕනෑකමක් යම් තරමකට හෝ තිබීය හැක.  එමෙන්ම ඒ ගැන කරුණු දන්නා අයගෙන් ඉගෙන, විමසා දැනගැනීම ද අප කරනවා විය හැක.  එනමුත් අපගේ දැක්ම ඉතා පිරිසිදු කර ගැනීමට එය ප්‍රමාණවත් නොවන්නේ කුමක් නිසා දැයි මෙහි දී මනා කොට පැහැදිලි කෙරේ.  

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, සංයුත්‌ත නිකායේ, සළායතන වර්ගයේ, සළායතන සංයුක්තයේ, ආසීවිස වර්ගයේ එන කිංසුකොපම සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: කිංසුකොපම සූත්‍රය.


  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.