සොතාපත්ති අංග අවධි කිරීම සහ දියුණු කිරීම. (09-06-2023)

සොතාපත්ති අංග අවධි කිරීම සහ දියුණු කිරීම. (09-06-2023)

සොතාපත්ති අංග අවධි කිරීම සහ දියුණු කිරීම පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව සෝවාන් වීමට උත්සහ කරන සියළු ගිහි සහ පැවිදි බෞධයන්ට ඉතා වැදගත් වේ.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාවේ එම සොතාපත්ති අංග හතර අවධි කිරීම සහ දියුණු කිරීම සඳහා අනුගමනය කලයුතු ප්‍රතිපදාවන් ඉතා ප්‍රායෝගිකව මෙන්ම අපට වැරදෙන සියුම් තැන් මතු කරමින් සිදු කිරීම තවත් සුවිශේෂ අංගයක් වේ. 

උදාහරණයන් ලෙස නිවැරදි කල්‍යාණ මිත්‍රයන් සහ නිවැරදි ශ්‍රී සද්ධර්ම දේශනාවන් හඳුනා ගැනීමට යෝනිසෝමනසිකාරය දියුණු තත්වයක තිබීමේ අවශ්‍යතාවයත්, භාවනාව දියුණු කර ගැනීමට නම් ප්‍රථමයෙන් දියුණු කරගත යුතු එනමුත් වර්ථමානයේ බොහෝ ”යෝගීන්” නොසලකන වැදගත් ප්‍රතිපදාවනුත් දැක් විය හැක. 

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, සංයුත්‌ත නිකායේ, මහා වර්ගයේ, සෝතාපත්ති සංයුක්තයේ, වේළුද්වාර වර්ගයේ එන සොතාපත්තියංග සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: සොතාපත්තියංග සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.