පැවිදි සුවය. (08-06-2023)

පැවිදි සුවය. (08-06-2023)

පැවිදි සුවය පිලිබඳ මෙම ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ 50 වෙනි ජන්ම දිනය නිමිති කොට සියැස රූපවාහිනිය තුලින් විකාශනය කෙරුනි. මෙම ධර්ම දේශනාව පැවිදි සහ ගිහි සියලු දෙනාටම වටිනා ධර්ම දේශනාවක් වන්නේ ස්වාමින් වහන්සේගේ 35 අවුරුදු පැවිදි දිවියේ ලැබූ අවබෝධය සහ අත්දැකීම් තුලින් අපට පෙන්වා දෙන පහත දැක්වෙන මුලික කරුණු නිසාවෙනි.

  1. නෛෂ්ක්‍රම්‍ය සැපය සමග බද්ධ වී ඇති පැවිදි සැපය ගිහි සැපයට වඩා අග්‍ර බව බුදුරජාණන් වහන්සේ දේශනා කලේ කුමක් නිසා දැයි මෙහි පැහැදිලි කෙරේ.
  2. පැවිදි ජීවිතය එවැනි අග්‍ර සැපයක් ඇති වෙන පරිදි සකසා ගැනීමට අවශ්‍ය දැක්ම, ප්‍රතිපදාව සහ ඒ සඳහා අවශ්‍ය කෞශල්‍යයන් කෙසේ දියුණු කරගත යුතු ද යන වටිනා කරුණු මෙහි ඇතුලත් වේ.
  3. පැවිද්ද කියන්නේ කුමක් ද, පැවිද්දේ පරමාර්ථ මොනවා ද, පැවිද්දාට සහාය විය යුත්තේ කෙසේ ද, පැවිද්දාගේ කාර්යභාරය කෙතරම් බැරෑරුම් ද යන කරුණු අවබෝධ කර ගැනීමට මනා හැකියාවක් මේ දේශනාව තුලින් ගිහියන්ට ඇති වේ. ඒ වටිනා දැනුම සම්බුද්ධ සාසනයේ චිර පැවැත්ම සඳහා කටයුතු කිරීමට ගිහියන් හට මහෝපකාරී වේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, දුක නිපාතයේ, සුඛ වර්ගයේ එන පබ්බජ්ජාසුඛ සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: පබ්බජ්ජාසුඛ සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.