මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධිය. (08-01-2023)

මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධිය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව නිවන් සාක්‍ෂාත් කරගැනීම පිණිස පුහුණු වෙන යෝගාවචරයන් හට ඉතා වටිනා දේශනාවක් වන්නේ එමගින් පහත දැක්වෙන මූලික කරුණු පැහැදිලි කෙරෙන නිසාවෙනි.

  1. විපස්සනා ඥාන වල පස්වන ඥානය වන මෙය පිළිබඳව එනම් ‘නිවන් ලබා ගැනීමේ නිවැරදි මග සහ වැරදි මග’ කුමක්දැයි තේරුම් ගන්නා මෙම කඩඉම ගැන මනා පැහැදිලි කිරීමක් ඇතුලත් වී තිබීම.
  2. විපස්සනා යෝගාවචරයාගේ දියුණුව නිසාම ඇතිවන තත්වයන් කෙරේ පහල වන ‘නිකන්තිය’ ඇතිවන ආකාරය සහ එයට හසුවෙන ආකාරය පැහැදිලි කිරීම.
  3. එම නිකන්තියට හසු නොවීම සහ එම විශුද්ධිය ලැබීම සඳහා වැඩි දියුණු කල යුතු කර්මස්ථානය වන ඝන සංඥාව නැති කරමින් අනිත්‍ය සංඥාව දියුණු කරගන්නා ආකාරය සවිස්තරව, ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කිරීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ මග්ග වර්‍ගයේ දෙවන ගාථා රත්නයයි. එම ගාථාවේ ගාථාව සහ නිධාන කථා විස්තරය මෙම යොමුවන් ගෙන් කියවන්න:

  1. පඤ්ච සත භික්ෂූන් පිළිබඳ කථා පුවත (දෙවන ගාථාව කියවන්න.)
  2. පඤ්ච සත භික්ෂූන් පිළිබඳ කථා පුවත. (නිධාන කථා විස්තරය.)

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.