බුදුගුණ සිහිකිරීමෙහි වටිනාකම. (26-08-2022)

බුදුගුණ සිහිකිරීමෙහි වටිනාකම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා විශිෂ්ටතම දේශනාවක් වන්නේ ඒ තුලින් බෞද්ධයන්ගේ පවතින ප්‍රධාන දුබල කම් රැසක් නිවැරදි කරගැනීමට මග පෙන්වීමක් ඇති කෙරෙන නිසාවෙනි. එම මග පෙන්වීම් ක්‍රමිකව පහත දැක්වේ.

  1. නිවන් මගට ප්‍රවේශ දොරටුව ශ්‍රද්ධාව බව පැහැදිලි කෙරෙන බුද්ධ වචනයන් සහ ශ්‍රද්ධාව යනු බුද්ධත්වය පිළිබඳව සහේතුකව ඇති කරගන්නා වූ පිළිගැනීම බව පහදා දීම.
  2. බුද්ධ පුජා වැනි ආමිස (ඉන්ද්‍රිය ගෝචර, ජීවිතය පවත්වා ගැනීමට උදවු වෙන දේවල් පමණක් ලැබෙන) පිංකම්, එයට අමතරව ගුණ නුවණ දියුණු කර ගැනීමටත් හැකිවෙන ප්‍රතිපත්ති පූජා බවට පත්කරගන්නේ කෙසේද යන බොහෝ දෙනා නොදැන සිටි මගක් පැහැදිලි කර දීම.
  3. එයට අමතරව බුදු ගුණ සජ්ඣායනා කරමින් වන්දනා කිරීමෙන්, බුදු ගුණ ශ්‍රවණය කිරීමෙන්, බුදු ගුණ කියවීමෙන් සහ ලිවීමෙන් බුදු ගුණ ආවර්ජනය කරමින් අපගේ ශ්‍රද්ධාව දියුණු කරගැනීම සහ අපගේ ගුණය සහ නුවණ ඒ මගින් වර්ධනය වෙන ආකාරය පැහැදිලි කර දීම.
  4. විදර්ශනාව වැඩීම තුලින් බුදු ගුණය ගැඹුරින් වටහා ගැනීම සහ එතුලින් ශ්‍රද්ධාව ස්ථිර කරගන්නා ආකාරය.
  5. ජීවිතයේ වියපත් කාලයේදී සහ ජීවිතයේ අනෙක් අවස්ථා වලදී පවා බුදුගුණ වැඩීම අපට පිහිට වෙන ආකාරය පැහැදිලි කිරීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ ප්‍රකීර්‍ණක වර්‍ගයේ එන ගාථා රත්නයකි. එම ගාථාව සහ ඒ සම්බන්ධ පුවත ධම්ම පදයෙන් කියවීමට මෙතනින් පිවිසෙන්න: යකුන්ගෙන් රැකුනු දරුවා.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01