මෙවර සුගත පද විවරණ, ධර්ම විනිශ්චය ග්‍රන්ථය පාදක කර ගෙන සිදු කෙරෙන අවසාන වැඩසටහන විය. එහි දී මුලින්ම බුදු රජාණන් වහන්සේගේ සත් සතියේ මුචලින්ද නාග රාජ සිද්ධිය පැහැදිලි කිරීමෙන් ආරම්භ විය. බුදු රජාණන් වහන්සේ සඳහා පිළියෙළ කෙරුණු අවසාන දානය වූ සූකර මද්දව සත්ව මාංශයක් ද නැති ද යන්නත් මස් මාංශ අනුභවය පිළිබඳව බුදු දහමේ දැක්වෙන්නේ කවර දැක්මක් ද යන වැදගත් කරුණු ආදිය මෙහිදී පැහැදිලි කෙරිණි.
සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.
අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරිණි.
- “ධර්ම විනිශ්චය 35 – මස් මාංශ අනුභවය” MP3 හඬ පටය සවන් දීමට/බා ගත කිරීමට මෙතැන click කරන්න.
- “ධර්ම විනිශ්චය 35 – මස් මාංශ අනුභවය” වීඩියෝ පටය නැරඹීමට මෙතැන click කරන්න.