සදහම් මණ්ඩපය – 05 (සතිපට්ඨාන දේශනා 03- ආනාපානසති භාවනාව 02) 03-09-2026

සදහම් මණ්ඩපය – 05 (සතිපට්ඨාන දේශනා 03- ආනාපානසති භාවනාව 02) 03-09-2026

සදහම් මණ්ඩපය – 05 (සතිපට්ඨාන දේශනා 03- ආනාපානසති භාවනාව 02) 03-09-2026

සදහම් මණ්ඩපය අංක: 05 (සතිපට්ඨාන දේශනා 03 – ආනාපානසති භාවනාව 02) monthly Dhamma talk and discussion was conducted via Zoom on 03rd September 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

සදහම් මණ්ඩපය යන මෙම නව මාසික දහම් වැඩ සටහන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත දහම් ශ්‍රාවකයන්ගේ ආරාධනය අනුව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා සිදු කෙරේ.  මෙම පස්වන දහම් වැඩසටහන වර්ෂ 2026 සැප්තැම්බර් මස 03 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30 ට සිදු කෙරිණි.

සතර සතිපට්ඨානය ත්‍රිපිටකයෙන් කියවීමට මෙතනින් පිවිසෙන්න: සතිපට්ඨාන සූත්‍රය., මහා සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සතර

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙවර ධර්ම දේශනාව තුලින් ආනාපානසති භාවනාවේ ඉතිරි කොටස් හොඳින් පැහැදිලි කෙරිණි. මෙහි දී ආනාපානසතිය සිදු කරන ආකාරය පැහැදිලි කිරීමට අමතරව එම භාවනාවෙන් ලෞකික ජීවිතයේ සිදුවෙන ප්‍රයෝජන පවා පැහැදිලි කෙරිණි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ ඇතැම් වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ආනාපානසති භාවනාවේ ඉතිරි කොටස් පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  2. ප්‍රඥාව සතිය සහ වීර්ය සමග එක්ව යොමු කිරීමට පුහුණු වීම සතර සතිපට්ඨානයේ ඉතා වැදගත් අංගයක්. ආනාපානසතිය හෝ වෙනත් භාවනාවන් බොහෝ දෙනාට එපා වීමට හේතු වෙන එක ඉතා වැදගත් කාරණයක් ලෙස ප්‍රඥාව භාවනාව ආරම්භයේ දී ම යොමුකර ගැනීමට අපහසු වීම හේතු වෙනවා නේද ? උදාහරණයක් ලෙස එහි අවස්ථා දෙකක් දැක්වීමට පුළුවන. අපගේ සිත භාවනා අරමුණෙන් පිටතට ගිය විට එයට අකමැති වී ඒ සමග ගැටීම තුලින් අකුසල ද්වේශ සිත් අප තුල වැඩේ.  එමෙන්ම භාවනාව කිරීමට දැඩි කැමැත්තක් සමග අප භාවනාවට වාඩි වූ විට ඒ දැඩි ඕනෑකම “මට මේ දේ කරන්නට ඕනෑ” යනුවෙන් මමායනය දැඩි කරගත් විට ඇලීම සහ ගැටීම වැඩි වීමෙන් භාවනා අරමුණ තුල හොඳින් සිත පැවත්වීමට අපහසු වේ.  මේ දේවල් ඇතිවෙන විට ඒවා දැකීමට ප්‍රඥාව මුලික වේ.**** (ඉතා වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙහිදී සඳහන් කෙරුණු පසුගිය සෙනසුරාදා පැවැත්වූ සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාවේ වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න. එහි අංක 02 ට සවන් දෙන්න: https://tinyurl.com/mrwkktft)
  3. අප යම්කිසි කාර්යයක් කරන විට පසුව හෝ එය සඳහා ප්‍රඥාව යෙදුනා දැයි කියා දැන ගන්නේ කෙසේ ද ? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙම පැනයේ ඉහත අංක 02 ට යම් සම්බන්ධකමක් ඇත.)
  4. සමාලෝචනය සහ අවසානය. ***

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.