සුගත පද විවරණ ධර්ම විනිශ්චය – බුදුවරුන්ට කර්ම විපාක දෙනවා ද? (19-03-2023)

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 24 – බුදුවරුන්ට කර්ම විපාක දෙනවා ද?)

මෙවර සුගත පද විවරණ, බුදුවරුන්ට කර්ම විපාක දෙනවා ද යන මාතෘකාවෙන් ඇරඹිණි.  එමෙන්ම එම මාතෘකාව පිලිබඳව වර්ථමාන ගිහි පැවිදි සමාජයන් තුල පවතින වැරදි වැටහීම මෙහිදී මනා ලෙස පැහැදිලි කරන ලදී. 

එමෙන්ම වර්ථමානයේ තවත් මතභේදයට තුඩුදුන් කරුණක් වෙන “දිව්‍ය ලෝක සහ අපාය තියෙන්නේ මිනිස් ලොව තුලම ද?” යන පැනය ද ඉතා හරවත් උදාහරණයක් සහිතව සාකච්ඡා කෙරුනේ පුහුදුන් මිනිස් සංතානයේ ඇති එක්තරා සිතීමේ දුබල තාවයක් ඉතා ප්‍රඥා ගෝචර ලෙස පෙන්වා දෙමිනි. 

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.