
සදහම් මණ්ඩපය – 07 (සතිපට්ඨාන දේශනා 05 – සම්පජඤ්ඤ පබ්බය) 05-11-2026
සදහම් මණ්ඩපය අංක: 07 (සතිපට්ඨාන දේශනා 05 – සම්පජඤ්ඤ පබ්බය) monthly Dhamma talk and discussion was conducted via Zoom on 05st November 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
සදහම් මණ්ඩපය, සෑම මාසයකම පළමු බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ හෝ ස්මාර්ට් ජංගම දුරකථනයේ හෝ ස්ථාපිත කරගන්න. ඉන් පසුව පහත Link එක Click කර පහත දැක්වෙන Passcode එක ඇතුල් කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
සදහම් මණ්ඩපය යන මෙම නව මාසික දහම් වැඩ සටහන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත දහම් ශ්‍රාවකයන්ගේ ආරාධනය අනුව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා සිදු කෙරේ. මෙම හත්වන දහම් වැඩසටහන වර්ෂ 2026 නොවැම්බර් මස 05 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30 ට සිදු කෙරිණි.
සතර සතිපට්ඨානය ත්‍රිපිටකයෙන් කියවීමට මෙතනින් පිවිසෙන්න: සතිපට්ඨාන සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සතර
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙවර ධර්ම දේශනාව තුලින් සම්පජඤ්ඤ පබ්බය ඉතා වටිනා ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරිණි. එමෙන්ම සම්පජඤ්ඤ හතර පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.
එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත සහ ප්‍රායෝගික වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: සම්පජඤ්ඤ පබ්බය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා විශිෂ්ඨ දේශනාවකි.)
- සම්පජඤ්ඤය හතරෙන් පළමු තුන සාමාන්‍ය ජීවිතයේ දී අමතක වෙන කරුණු හොඳින් මතක් වීමට එකට ක්‍රියාත්මක වී හේතු වෙනවා. නමුත් සිව් වෙනි සම්පජඤ්ඤය වන අසම්මොහ සම්පජඤ්ඤය දියුණු වෙන විට අප තුල වික්ෂිප්ත බවක් ඇති වෙනවා නොවේ ද? ඒ ගැන පැහැදිලි කර දෙන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ආනාපානසති භාවනාව වඩන අයෙකු මූලික විදර්ශනා ඥාන එනම් නාම රූප පරිචේද ඥාන, පච්චය පරිග්‍රහ ඥාන, සම්මර්ශන ඥාන වලට අනුව භාවනා කරන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- නාමය ආධ්‍යාත්මික, බාහිර, ඕලාරික, සූක්ෂම, හීන, ප්‍රණීත, දුර, ලඟ ආකාරයෙන් බලන්නේ කෙසේ ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මා රැකියාව කරලා ගෙදර ආ පසුව මම කරන්නේ විනාඩි තිහක් පමණ දුරකථනය එක පාවිච්චි කර කර සිටීමයි. කෙතරම් උත්සාහ කරත් මම ඒ දේම කරනවා සමහරවිට මට ඊට පසුව ගෙදර භාජන හෝදන වැඩ උයන වැඩ කිරීමට තිබෙන නිසා. මෙයින් මිදෙන්නේ කෙසේද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මාගේ ස්වාමියා විදේශ රැකියාවක කටයුතු කරන නිසා ඔහු හැමවෙලේම එම රැකියාවේ ඇති අපහසුකම් අමාරු කම ගැනම කතා කරයි. වෛද්‍යවරයෙක් වුවත් ඔහුට රැකියාවේ කිසිම තෘප්තියක් නැති නමුත් ලංකාවේ රැකියාවට වඩා මුදල් වැඩිපුර ලැබීම, ගෙදර නවාතැන් පහසුකම් නොමිලේ ලැබීම, විදුලි බිල නොමිලේ ලැබීම ආදී මුදල්මය වශයෙන් වාසි ඇත. ඔහුගේ ශරීර සෞඛ්‍යයද පෙනුමෙන් පිරිහී ඇත. මෙයින් මිදෙන්නේ කෙසේද ? *** (වටිනා පැහැදිලි කිරීමකි. පැමිණි සහ නොපැමිණි බර බුක්ති නොවිඳීම (29-01-2026): https://www.youtube.com/watch?v=ZY3xooprnKs)
- සිතට ද්වේශය ඇතිවීම යනු අපට අරමුණේ ඇතිවන ගැටීම් ස්වභාවයද ? සාමාන්‍යයෙන් අප රුචි නොවන එවැනි අරමුණු ගැටීම් දවසකට බොහෝ විට සිදුවේ. එම හැම අවස්ථාවේදීම අප හට ද්වේශය ඇති වන්නේ ද ? පිටරටක සිටින විට එහි නීති බහුල නිසා සමහර අවස්ථාවලදී නීතියට පවා බිය ඇති වේ. බිය ඇතිවන සෑම අවස්ථාවකදීම අපහට ඇති වන්නේ ද්වේශය ද ? ***
- මේ අයුරින් වැඩිවෙන, පාලනය කර ගැනීමට නොහැකි, මගේ තරහාව සමනය කර ගැනීමට උපදෙසක් දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පාසල් ශිෂ්‍යයකු වශයෙන් උදෑසන අවදි වීමට මා හට බොහොම අපහසුවේ. එයින් මිදෙන්නේ කෙසේද ? එමෙන්ම සෙල්ලම් කරන විට මා පරාජය වන විට ද මා හට දැඩි ද්වේශයක් ඇතිවේ. එවිට මම අඬමි. එයින් මිදෙන්නේ කෙසේද ? ***
- මම රැකියාව කරලා ගෙදර ආවම දවසේ සිදුවුණු ප්‍රශ්න සහ සිදුවීම් නැවත නැවත සිහියට එනවා. මට ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි ධර්මානුකූල උපදෙසක් ලබා දෙන සේක්වා. ***
- සමාලෝචනය සහ අවසානය. ***
2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.