
සදහම් මණ්ඩපය – 02 (07-05-2026)
සදහම් මණ්ඩපය අංක: 02 (ලෝකෝත්තර සම්මා දිට්ඨිය) monthly Dhamma talk and discussion was conducted via Zoom on 07th May 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
සදහම් මණ්ඩපය යන මෙම නව මාසික දහම් වැඩ සටහන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත දහම් ශ්‍රාවකයන්ගේ ආරාධනය අනුව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා සිදු කෙරේ. මෙම දෙවන දහම් වැඩසටහන විභඞ්ග සූත්‍රය ඇසුරු කොට චතුසච්ච සම්මා දිට්ඨිය පිළිබඳව වර්ෂ 2026 මැයි මස 07 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30 ට සිදු කෙරිණි.
විභඞ්ග සූත්‍රය ත්‍රිපිටකයෙන් කියවීමට මෙතනින් පිවිසෙන්න: විභඞ්ග සූත්‍රය.
මෙවර ධර්ම දේශනාව තුලින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිළිබඳව පැහැදිලි කෙරිණි. මෙහි දී චතුසච්ච සම්මා දිට්ඨිය සහ චතුරාර්ය සම්මා දිට්ඨිය අතර වෙනස ඉතා ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරිණි. එමෙන්ම දුකට හේතුව වන පංචස්කන්ධය පිළිබඳව ද මනාලෙස පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: චතුරාර්ය සම්මා දිට්ඨිය පැහැදිලි කරන්න. **** (චතුසච්ච සම්මා දිට්ඨිය සහ චතුරාර්ය සම්මා දිට්ඨිය පිළිබඳව සිදු කල ඉතා වටිනා, ප්‍රයෝගික උදාහරණ සහින ධර්ම දේශනාවකි.)
- ආනාපානසති භාවනාවේ මෙම සියුම් කරුණු අවබෝධ කරගත් අයෙකුට එදිනෙදා ජීවිතයේ ඇලීම් ගැටීම් කෙරේ එම දැක්ම පැතිරවීමට පුළුවන් නම් චතුසච්ච සම්මා දිට්ඨියෙන් චතුරාර්ය සම්මා දිට්ඨිය වෙත දියුණු වීමට පුළුවන් වෙනවා නොවේ ද? **** (ඉතා වටිනා ප්‍රායෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි. පහත අංක: 06 සහ 04 මෙයට සම්බන්ධ වේ.)
- සම්මා දිට්ඨි සූත්‍රයට අනුව ආර්ය ශ්‍රාවකයා කියන්නේ කාටද? ***
- සම්මා දිට්ඨිය ගැන කථා කරන ඇතැම් අය “සම්මා දිට්ඨිය ප්‍රහාණය” කියන කරුණක් පවසනවා. දියුණු කල යුතු දෙයක් ගැන මෙසේ ප්‍රහාණයක් පිළිබඳව කියන්නේ ඇයි? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- බාහිය දාරුචීරියට බුදුරජාණන්වහන්සේ, “දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තං භවිස‍්සති, සුතෙ සුතමත‍්තං භවිස‍්සති…” යන දේශනාවෙන් අදහස් කලේ මෙම කරුණ ද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- පටිච්චසමුප්පාදයට අනුව අප විසින් බිඳින්න ඕන තැන කොතනද? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි. මෙය ඉහත අංක: 02 ට සම්බන්ධ වේ.)
- සමාලෝචනය සහ අවසානය. ***
සදහම් මණ්ඩපය, සෑම මාසයකම පළමු බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ හෝ ස්මාර්ට් ජංගම දුරකථනයේ හෝ ස්ථාපිත කරගන්න. ඉන් පසුව පහත Link එක Click කර පහත දැක්වෙන Passcode එක ඇතුල් කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.