ලෝණඵල සූත්‍රය – Lonaphala Sutta.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා මේ දිනවල මානසික සහ කායික පීඩාකාරී ජීවිතයක් ගත කරති. බුදු දහම ගැන දැනුමක් ඇති අය මේ කාලයේ ‘නරක පෙර කර්ම’ රටක් ජාතියක්ව වශයෙන් සාමුහිකව විඳිමින් සිටින බව විශ්වාස කරති. එවන් කර්මයන් පවා අභිබවා යාමට ක්‍රමවේදයක් ලෝණඵල සූත්රය තුලින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර ඇත. 

එම ලෝණඵල සූත්රය පාදක කරගෙන මීළඟ සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙළ වර්ෂ 2022 ජූලි මස 09 දිනයේදී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ආරම්භ කෙරෙනු ඇත.

එම ධර්ම සාකචිඡාවට සහභාගි වන ඔබ සැවොම පහත දැක්වෙන ධර්ම දේශනාව ශ්රවණය කර සහ ග්රන්ථය පරිශීලනය කර සම්බන්ධ වෙන්න. එම දැනුම පාදක කරගෙන ඔබගේ ජීවිතයට ප්රායෝගිකව ඇතිවන ප්රශ්න ගැටලු සාකචිඡාවට බදුන් කරන විට එය වඩාත් අර්ථවත් ධර්ම සාකචිඡාවක් වනු ඇත.

  1. “කර්මය අභිබවා යන මහේශාක්‍ය බව” දහම් දේශනාව මෙතනින් බාගත කරන්න.
  2. “කර්මය අභිබවා යන මහේශාක්ය බව”  pdf ග්රන්ථය.


  • සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණ කයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
    https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
    Meeting ID: 4457486152
    Passcode: Dhamma.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.