Ariyawansa Sutta at Lanka Vipassana – 2017

2017 ඔක්තෝම්බර් මස 14 දින සවස 8.00 සිට පසුදා රාත්‍රී පහන් වන තුරු කොළඹ විජේරාම මාවතේ පිහිටි අන්තර්ජාතික විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිදුකලා වූ මහා අරියවංශ සුත්‍ර දේශනාව පහත ඉදිරිපත්කර සිටිමු.

අරියවංශ සූත්‍ර දේශනාවන් ඈත අතීතයේ බුද්ධ ධර්මයේ ස්වර්ණමය යුගයේදී ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රචලිත දේශනාවන් විය. එමෙන්ම එම දේශනා එකල ලංකික ගිහි ශ්‍රාවකයන් වැඩිම දෙනෙක් සෝවාන් ඵලයට පත්කිරීමට හේතුපාදක වූ ධර්ම දේශනාව ලෙසට ලංකා බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.  

අරියවංශ සූත්‍රය නිවන් මග පෙන්වන විශේෂ දේශනාවක් වේ. එම දේශනාවන් ගෙන් වර්තමාන බෞධයන් හට ඉගෙනීමට ඇති දේ බොහෝ වැදගත් වන්නේ ලෝකෝත්තර සහ ලෞකික යන දෙයාකාරයෙන්මය. 

බුදු රජාණන් වහන්සේ විසින් දේශිත අරියවංශ සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් click කර කියවන්න.

එදින මෙම දේශනාවන් ගෞරවනීය දේශක ස්වාමීන්වන්සේලා තුන් නමක් විසින් සිදුකරන ලදී. පළමු දේශනය අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ විසින්ද, දෙවන දේශනය අති පූජ්‍ය එල්ලාවල විජිතානන්ද ධම්මජීව ස්වාමින්වහන්සේ විසින්ද, තෙවන දේශනය අති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින්ද සිදුකරන ලදී. 

මෙම දේශනා ශබ්ද සංස්කරණය තුලින් පෙරට වඩා හඬ වැඩි දියුණුකර මෙහිදී ඉදිරිපත්කර සිටිමු. පළමු දේශනාවේ පමණක් විනාඩි 2ක පමණ කොටසක් හඬ අපැහැදිලිව පටිගත වී ඇත. 

  1. 01. Ariyawansa Sutta 01_Lanka Vipassana_14-10-2017
  2. 02. Ariyawansa Sutta 02_Lanka Vipassana_14-10-2017
  3. 03. Ariyawansa Sutta 03_Lanka Vipassana_14-10-2017

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.