ගිහි ජීවිතයක් තුල ප්‍රඥාව අවදි කරන්නේ කෙසේද? (10-09-2020)

ගිහි ජීවිතයක් තුල ප්‍රඥාව අවදි කරන්නේ කෙසේද යන මාතෘකාව පදනම් කොටගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 සැප්තැම්බර් මස 10 දා ඉතා වැදගත් ධර්ම දේශනාවක් සිදුකරන ලදී.

🙏🙏🙏 එම වටිනා සම්පුර්ණ හඬ පට දේශනාව මෙතන click කර සවන් දෙන්න/බාගත කරන්න. මෙම හඬපටය ශබ්ද සංස්කරණයෙන් වැඩිදියුණු කොට ඇත. https://damsara.org/damsara_dhamma/Special_Dhamma/17.Gihi_Jeevithayak_Thula_Pragnava_Avadi_Karanne_Keseda.mp3

ජීවිතයේ සැන්දෑ සමයේ හුදකලාබව අර්ථ සම්පන්න කරගන්නා ආකාරය. (05-09-2020)

‘ජීවිතයේ සැන්දෑ සමයේ හුදකලාබව අර්ථ සම්පන්න කරගන්නා ආකාරය’ යන මාතෘකාව පදනම් කොටගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 සැප්තැම්බර් මස 05 දා ඉතා ප්‍රායෝගික සහ වැදගත් ධර්ම දේශනාවක් සිදුකරන ලදී. 🙏🙏🙏

එම වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න: https://damsara.org/damsara_dhamma/Special_Dhamma/16.Jivithaye_sanda-samaye_hudakalabava_artha_sampanna_karaganna_akaraya-05-09-2020.mp3

🙏🙏🙏එම ධර්ම දේශනාවට පාදක වූ සූත්‍රය ප්‍රථම නාථකරණ සූත්‍රයයි. ප්‍රථම නාථකරණ සූත්‍රය ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දසක නිපාතය » 2. නාථ වර්ග ) එම සූත්‍රය කියැවීමට පහත දැක්වෙන link එක click කිරීමෙන් පුළුවන: https://pitaka.lk/main?n=35117

ආමිස පූජාවෙන් ප්‍රතිපත්තියට (13-04-2021)

ආමිස පූජාවෙන් ප්‍රතිපත්තියට යන තේමාව මුල්කොටගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල විශිෂ්ටතම ධර්ම දේශනාවකි. මෙම දේශනාවේ වටිනාකම ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු නිසා ඔප්නැංවේ;

1. බුදුරජාණන්වහන්සේ ප්‍රතිපත්ති පූජාව, ආමිස පූජාවට වඩා වැදගත් වනබව සඳහන් කල මුත් ආමිස පූජාව නොකරන ලෙස සඳහන් නොකලබව.

2. වර්ථමානයේදී ආමිස පූජාව තණ්හාව වැඩිදියුණු වන ලෙස පටලවා ගෙන අති ආකාරය.

3. ගිහි පැවිදි දෙපිරිසටම, ආමිසය නැතහොත් භෞතික පරිභෝජනය සිදුවිය යුත්තේ කුමක් සඳහාද?

4. ප්‍රතිපත්ති මග දියුණු කරනවිට ආමිස පූජාවේ වටිනාකම දියුණුවන හැටි.

5. ප්‍රතිපත්තියේ සහ ආමිසයේ ඇති අන්තර් සම්බන්ධතාවය.

එම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/2Q4jxDA

සති නිමිත්ත (09-02-2021)

වීඩියෝව නැරඹීමට ඉහත වීඩියෝව මත click කරන්න.

අති පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමින්වහන්සේ සිහිය පෙරටු කොට තබා ගැනීම ගැන මනා හැඳින්වීමක් මෙම විනාඩි විනාඩි 14ක කෙටි දහම් විවරණයෙන් සිදු කෙරේ. මෙහි ඇති විශේෂ වැදගත්කම වනුයේ සති නිමිත්ත භාවනාවට ගලපා අර්ථ දැක්වීමේදී එය පැහැදිලි කිරීම සඳහා ත්‍රිපිටකයෙන් මනා ලෙස පෙන්වා දක්වන උදාහරණ වේ.

ලෙඩ හොඳ කරන Born Again අභියෝගයක්ද?

අති පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමින්වහන්සේ වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන Born Again ආගමික කල්ලිය ගැන වැදගත් හෙළිදරවු කිරීමක් මෙම විනාඩි 09 කෙටි වීඩියෝවෙන් සිදුකරන සේක.

එම ආගමික කල්ලිය ලෙඩුන් සහ ශ්‍රී ලංකාවේ පාලක පංතිය හසුකර ගන්නා ආකාරය සහ මේ තත්වයේදී ගිහි පැවිදි බෞධයන් ක්‍රියා කල යුත්තේ කුමන ආකාරයෙන්ද යන කරුණු මෙහිදී සාකච්චා කෙරේ.

හාමුදුරුවරුන්ගේ වාද විවාද වලට අහුවෙන්න එපා!

අද කාලයේ ඇතැම් බෞධයන් නොයෙක් ගුරුකුල වලට බෙදී, නැතහොත් තමන් ප්‍රිය කරන ස්වාමින්වහන්සේලා දේශනා කරන බණ පමණක් නිවැරදි යන දැඩි විශ්වාසයට කොටුවී අනෙක් ස්වාමින්වහන්සේලා හට දොස් කිඊමට එකතුවෙති.

එමෙන්ම බෞධ ස්වාමින්වහන්සේලා පවා ප්‍රසිද්ධියේ තවත් ස්වාමිවහන්සේලාට බැනවදිති. අප සිදුකල යුත්තේ එයට වසඟ වී අපගේ සිත් අකුසලයට බර කිරීම නොව සති සම්පජනයෙන් සිතේ ඇතිවන ද්වේශය හඳුනා ගැනීමයි.

මේ පිළිබඳව විනාඩි 11 ක වටිනා දහම් අවවාදය පොල්ගහවෙල අමරවංශ ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.

විවාහකයෙකුගේ බ්‍රහ්මචරියාව කෙසේ විය යුතුද? (16-01-2021)

භාවනා මග සහ ”සදහම් මග” වැඩීමට යොමුවන ඇතැම් ගිහියන් වරද්දා ගන්නා කාරණයක් පිලිබඳ ඉතා වැදගත් විවරණයක් මෙම ධර්ම ඛණ්ඩයෙන් පැහැදිලි කෙරේ. එසේ දහම් මග පටලවාගන්නා ගිහියන් නිවන් මාර්ගයෙන් ඉවත්වන බව මෙම විනාඩි 18ක දහම් ඛණ්ඩයේ දක්වා ඇත.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් මෑතදී ආරම්භ කල ”ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන Zoom දුරස්ථ ධර්ම සාකච්චා වැඩසටහනේ වර්ෂ 2021 ජනවාරි මස 02 දින සිදුකල ධර්ම සාකච්චාවෙන් උපුටාගන්නා ලදී.