බෝසත් ප්‍රතිපදා පූර්නයේදී දෙවියන්ගේ කාර්යභාරය. (22-10-2020)

බෝසත් ප්‍රතිපදා පූර්නයේදී දෙවියන්ගේ කාර්යභාරය පිලිබඳ මෙම ධර්ම දේශනාව ඉතාම කලාතුරකින් ඇසීමට ලැබෙන වටිනා දහම් දේශනාවකි. මෙහිදී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ප්‍රතිපදා පූර්ණයේදී ආධාර සහ ආරක්ෂාව සලසා දෙන ආකාරය ගැන පැහැදිලි පැහැදිලි කෙරේ.

බෝසත් වරුන්ගේ සුවිශේෂී ගුණයන් සහ විශේෂ ශක්තීන් පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙහිදී එසේ දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ආධාර සිදුකරන ක්‍රම 7ක් පිළිබඳව දේශනාවට සවන් දෙන මිනිසුන් සහ දෙවි බඹුන් හට ඉදිරිපත් කරනු ලැබුවා. මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටයට යොමුව පහතින් ඉදිරිපත් කරන්නෙමු.

🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/34m2P6U

වේදනානු පස්සනා සතිපට්ඨානය. (01-09-2020)

වේදනානු පස්සනා සතිපට්ඨානය, පාදක කරගෙන පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 බිනර පොහෝ දින සිදුකල දායක ධර්ම දේශනාවක් මෙහිදී ඉදිරිපත් කරනෙමු. ස්වාමින්වහන්සේ මෙහිදී වේදනානු පස්සනා සතිපට්ඨානය පිළිබඳව අප කා හටත් හොඳින් අවභෝද වන ආකාරයට මෙම වටිනා දේශනාව සිදුකරන ලදී.

1. මෙම ධර්ම දේශනාවට පාදක වූ සූත්‍රය, සතිපට්‌ඨාන සූත්‍රය වේ. ‍(ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ග) ; එම සූත්‍රය pitaka.lk වෙතින් මෙතනින් click කර කියවන්න: https://pitaka.lk/main?n=181010

2. එම දේශනාවේ හඬ පටය මෙතන click කර බාගත කරගැනීමට හෝ සවන් දීමට පුළුවන: http://bit.ly/වේදනානුපස්සනාසතිපට්ඨානය

මරණය තුලින් ජීවිතයේ යථාර්ථය දකිමු. (29-07-2020)

මරණය බොහෝ දෙනෙකුට බිය උපදවන දෙයකි. මෙම “මරණය තුලින් ජීවිතයේ යථාර්ථය දකිමු.” දේශනාව, අපට අපේ මරණය තුලින් ජීවිතයේ යථාර්ථය අවභෝද කරගැනීමට මහෝපකාරීවනවා ඇත. පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෙහිදී ඨාන සූත්‍රයේ සඳහන් වන ඉතා ප්‍රසිද්ධ දහම් පාඨයක් ඇසුරු කොටගෙන මෙම ධර්ම දේශනාව වර්ෂ 2020 ජූලි මස 29 වෙනි දින දේශනා කරන ලද සේක.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටය සහ ත්‍රිපිටකයේ මෙම ධර්ම දේශනාවට පාදක වු ඨාන සූත්‍රය, ඉදිරිපත් කරන්නෙමු.

1. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://damsara.org/damsara_dhamma/Most_Ven._Kukulpane_Sudassi_Thero/Dayaka_Dhamma_Talks/07.Maranaya_thulin_jeevithaya_29-07-2020.mp3

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ ඨාන සූත්‍රයයි. (ත්‍රිපිටකය:සූත්‍ර පිටකය:අඞ්‌ගුත්‌තර නිකාය:පඤ්චක නිපාතය:නීවරණ වර්ගය:ඨාන සූත්‍රය). එම සූත්‍රය කියැවීමට මෙතන click කරන්න: https://tipitaka.lk/an-5-2-1-7/pali

අපේ ජීවිත කාලය තීරණය කරන සාධක. (25-09-2020)

“අපේ ජීවිත කාලය තීරණය කරන සාධක” පිලිබඳ මෙම ධර්ම දේශනාව ත්‍රිපිටකයේ ලොණ ඵල සූත්‍රය ඇසුරුකොට වර්ෂ 2020 සැප්තැම්බර් මස 25 වෙනි දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා දායකත්ව ධර්ම දේශනාවකි.

මෙම දේශනාවේ දී විශේෂ කරනා 3 ක් පිළිබඳව පැහැදිලි කරන ලදී.

1. මියගිය හෝ ජීවත්වෙන හෝ ඥාතියෙකුට පින් අනුමෝදම් කරවීමට සම්පූර්ණ විය යුතු කරුණු.

2. අකුසල ධර්ම අඩු කරන සහ සහ යටපත් යටපත් කරන ආකාරය.

3. මරණය නවත්වන ආකාරය පිළිබඳව.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටය සහ ත්‍රිපිටකයේ මෙම ධර්ම දේශනාවට පාදක වු සූත්‍රයට යොමුවද ඉදිරිපත් කරන්නෙමු.

1. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://damsara.org/damsara_dhamma/Most_Ven._Kukulpane_Sudassi_Thero/Dayaka_Dhamma_Talks/05.Ape_Jeevitha_kalaya_thiranaya_karana_sadhaka.mp3

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූ සංයුත්‌ත නිකායේ, ලෝණඵල වර්‍ගයේ, ලෝණඵල සූත්‍රය මෙතන click කර කියවන්න: https://pitaka.lk/main?n=28199

තමන්ට තමා ප්‍රිය නුවණැත්තා අකුසලින් මිදී සුරැකෙයි. (30-07-2020)

“‘තමන්ට තමා ප්‍රිය නුවණැත්තා අකුසලින් මිදී සුරැකෙයි” යන මුලික තේමාවෙන් සිදුකල මෙම ධර්ම දේශනාව ධම්ම පදයේ බෝධිරාජ කුමරුගේ කථා පුවත ඇසුරුකොට වර්ෂ 2020 ජුලි මස 30 වෙනි දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා දායකත්ව ධර්ම දේශනාවකි.

තමන්ට තමා ප්‍රිය නම් ජීවිතයේ එක් යාමයකදී හෝ තමා අකුසලින් මිදී සුරක්ෂිත වන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ගත යුතු වන බව මෙම දේශනාවෙන් මනාව පැහැදිලි කරන ලදී. මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටය, ධම්ම පදයේ මෙම ධර්ම දේශනාවට පාදක වු ගාථාව සහ වීඩියෝ පටය ඉදිරිපත් කරන්නෙමු.

1. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://damsara.org/damsara_dhamma/Most_Ven._Kukulpane_Sudassi_Thero/Dayaka_Dhamma_Talks/04.Thamanta_thama_priya_nuvanatta_akusalayen_midee_surakeyi.mp3

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ ගාථාව සහ එම කතා පුවත: (ඛුද්දක නිකාය:ධම්මපදපාළි:අත්තවග්ගො:12-1 බෝධිරාජ කුමරුගේ කථා පුවත): https://pitaka.lk/dhammapada/katha-127.html

මනසේ ඇතිවන මායාකාරී ස්වභාවය. (24-09-2020)

මනසේ ඇතිවන මායාකාරී ස්වභාවය පිලිබඳ මෙම ධර්ම දේශනාව මනසේ ඇතිවන මායාකාරී ස්වභාවය හඳුනාගැනීම, යටපත්කිරීම සහ දුරුකිරීම පිළිබඳව, විපල්‌ලාස සූත්‍රය පාදක කොට වර්ෂ 2020 සැප්තැම්බර් මස 24 වෙනි දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා දායකත්ව ධර්ම දේශනාවකි.

මේ දේශනාවේ සුවිශේෂ වැදගත්කම වනුයේ සම්මා සතිය, යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය සහ භාවනාව පිළිබඳව සිදුකර ඇති වැදගත් සහ වටිනා කරුණු වේ. මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද හඬ පටය, ත්‍රිපිටකයේ මෙම ධර්ම දේශනාවට පාදක වු විපල්‌ලාස සූත්‍රය සහ වීඩියෝ පටය ඉදිරිපත් කරන්නෙමු.

1. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://damsara.org/damsara_dhamma/Most_Ven._Kukulpane_Sudassi_Thero/Dayaka_Dhamma_Talks/03.Manase_athivana_mayakari_swabhavaya.mp3

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ, චතුක්ක නිපාතයේ විපල්‌ලාස සූත්‍රයයි. (ත්‍රිපිටකය:සූත්‍ර පිටකය:අඞ්‌ගුත්‌තර නිකාය:චතුක්ක නිපාතය:රෝහිතස්‌ස වර්ගය:විපල්‌ලාස සූත්‍රය). එම සූත්‍රය කියැවීමට මෙතන click කරන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/457?s=10189

භික්ෂුණී සාසනය. (20-09-2020)

භික්ෂුණී සාසනය පිලිබඳ මෙම ධර්ම දේශනාව භික්ෂුණී සාසනයේ පහළවීම, පැවතීම සහ අහෝසිවීම තුල වර්තමාන කාන්තාවගේ ස්වභාවය පිළිබඳව වර්ෂ 2020 සැප්තැම්බර් මස 20 වෙනි දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල කාලෝචිත දායකත්ව ධර්ම දේශනාවකි.

නිවන් අවභෝදය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බව පැහැදිළි කෙරෙන ත්‍රිපිටකයේ ගාථා රත්නයන් දෙකක් ඇසුරු කොට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස ශබ්ද හඬ පටය සහ ත්‍රිපිටකයේ මෙම ධර්ම දේශනාවට පාදක වු භික්‌ඛුනී සංයුත්‌තයේ ගාථාව ඉදිරිපත් කරන්නෙමු.

1. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://damsara.org/damsara_dhamma/Most_Ven._Kukulpane_Sudassi_Thero/2.Bhikkni_Sasanaya-20-09-2020.mp3

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූයේ භික්‌ඛුනී සංයුත්‌තයේ සෝමා භික්ෂුණීන් වහන්සේගේ කථා පුවතයි. සංයුත්‌ත නිකාය:සගාථා වර්ගය:භික්‌ඛුනී සංයුත්‌තය:සොමා සූත්‍රය: https://pitaka.lk/main?n=21142

අප්‍රමාදය නිසා ඥානාලෝකය බැබලීම. (19-09-2020)

‘අප්‍රමාදය නිසා ඥානාලෝකය බැබලීම’ පිලිබඳ මෙම ධර්ම දේශනාව ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2020 ‍සැප්තැම්බර් මාසයේ 19වෙනි දින දායකත්ව ධර්ම දේශනාවක් ලෙස සිදුකරන ලදී.

යම් අයෙකු මුලදී ප්‍රමාදයට පත්වුවත් පසුව අප්‍රමාදීව කටයුතු කිරීම හේතුවෙන් ප්‍රමාදය නැති වී ඥානාලෝකයෙන් බැබලීමට හැකිවන බව ධම්මපදයේ ගාථාවක් ඇසුරු කොටගෙන මෙම දේශනාවෙන් පැහැදිලි කෙරුණි. මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද හඬ පටය, ත්‍රිපිටකයේ මෙම ධර්ම දේශනාවට පාදක වු ධම්මපදයේ ගාථාව සහ වීඩියෝ පටයට යොමුවන්ද ඉදිරිපත් කරන්නෙමු.

1. 🙏🙏🙏 එම එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://damsara.org/damsara_dhamma/Most_Ven._Kukulpane_Sudassi_Thero/01.Appramadaya_nisa_Gnanalokaya_babaleema_19-09-2020.mp3

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ සම්මුඤ්ජනී තෙරුන් පිළිබඳ කථා පුවතයි. එම ගාථාව සහ කථා පුවත කියැවීමට පහත දැක්වෙන link එක මත click කරන්න: https://pitaka.lk/dhammapada/katha-141.html

 

බුද්ධානුස්සතිය සහ අනාපානසති භාවනාව. (2020-07-21)

‘බුද්ධානුස්සතිය සහ අනාපානසති භාවනාව’ පිලිබඳ ධර්ම දේශනාව ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2020 ජුලි මාසයේ 21වෙනි දින දායකත්ව ධර්ම දේශනාවක් ලෙස සිදුකරන ලදී.

මෙම දේශනාවට පාදකවූ සූත්‍රය මජ්‌ඣිම නිකායේ, උපරි පන්නාසකයේ, අනුපද වර්ගයේ සඳහන් අනාපානසති සූත්‍රයයි.

1. එම වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙම යොමුව click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://damsara.org/damsara_dhamma/Special_Dhamma/19.Buddhanussatiya_saha_Anapanasatiya.mp3

2. එම ධර්ම දේශනාවට පාදක වූයේ අනාපානසති සූත්‍රයයි. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » අනුපද වර්ගය »අනාපානසති සූත්‍රය) එම සූත්‍රය කියැවීමට පහත දැක්වෙන link එක මත click කිරීමෙන් පුළුවන: https://pitaka.lk/main?n=20118

ඉන්ද්‍රිය ධර්ම. (13-09-2020)

‘ඉන්ද්‍රිය ධර්ම’, නිවන් දැකීම සඳහා ඉවහල් වෙන බෝධි පාක්ෂික ධර්ම වල සඳහන් වැදගත්ම කාරණාවන් පිළිබඳව වර්ෂ 2020 සැප්තැම්බර් මස 13වෙනි දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල දායකත්ව ධර්ම දේශනාවකි.

1.🙏🙏🙏 ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල එම වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙම යොමුව click කර සවන් දෙන්න: https://damsara.org/damsara_dhamma/Special_Dhamma/18b.Indriya_Dharma_13-09-2020.mp3

2. එම ධර්ම දේශනාවට පාදක වුයේ මුදුතන්ද්‍රිරිය සූත්‍රයයි. එම සූත්‍රය කියැවීමට පහත දැක්වෙන link එක click කිරීමෙන් පුළුවන: https://pitaka.lk/main?n=251323 එමෙන්ම එම සූත්‍රයට සම්බන්ධ එයට පෙර තියන සූත්‍රයද වැදගත් වේ. එම පළමු සූත්‍රය කියැවීමට පහත දැක්වෙන link එක click කිරීමෙන් පුළුවන: https://pitaka.lk/main?n=251322