අකල් මරණ වලින් බේරෙන හැටි (29-12-2020)

අකාලයේ මරණයට පත් නොවී දිගුකලක් ජීවත්වීමට අප සෑමදෙනා තුලම කැමැත්තක් සහ ප්‍රාර්ථනාවක් පවතී. එසේ අකල් මරණ වලින් ගැලවී සිටීමට දහමේ දක්වන ප්‍රතිපදාවන් පිළිබඳව සිදුකල මෙම “අකල් මරණ වලින් බේරෙන හැටි’ ධර්ම දේශනාව වර්ෂ වාර්ෂ 2020 දෙසැම්බර් මස 29 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලදී.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කල හඬ පටයද ඉදිරිපත් කරනෙමු.

🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3mYhATD

අත්හැරීම (23-12-2020)

අත්හැරීම පිලිබඳ බොහෝ කතා බහ ගිහි සහ පැවිදි දෙපක්ෂය අතරම සිදුවුවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල අත්හැරීම සහ නික්මීම පිළිබඳව විශාල පටලැවිලි බවක් මේ කාලයේ ඇතිබව පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම කාලෝචිත සහ ප්‍රායෝගික වටිනා කමකින් යුතු දේශනාවක් වේ.

බොහෝ බෞධයන් ද්වේශය නමැති අකුසලය වර්ධනය කරමින් එය අත්හැරීම ලෙස වරදවා වටහා ගැනීමත් එයින් මිදීමට සිදුකලයුතු වැඩපිළිවෙලත් පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 23 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කල හඬ පටයද ඉදිරිපත් කරනෙමු.

🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/2KzX3HY

පෘතග්ජන භාවයෙන් මිදීමට (25-12-2020)

අප නිතර අසා ඇති සියළු බුදුවරයන්ගේ දේශනාව වන ”සබ්බ පාපස්ස අකරණං…” ගාථාව ඇසුරු කොටගෙන මෙම ‘පෘතග්ජන භාවයෙන් මිදීමට’ යන වටිනා ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 25 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කල හඬ පටයද ඉදිරිපත් කරනෙමු.

🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/2McPojd

ගිරිමානන්ද සූත්‍රය. (20 -12 -2020)

ගිරිමානන්ද සූත්‍රය පිලිබඳ මෙම ධර්ම දේශනාවේදී එම සූත්‍රයේ එන දස සංඥාවන් මූලික කොටගෙන සම්මා සතිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකෙරේ. මෙම ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 20 වෙනි දින Zoom දුරස්ථ මාද්‍යයෙන් සිදුකෙරිණි.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කල හඬ පටයද ඉදිරිපත් කරනෙමු.

🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3mF08Dp

🙏🙏🙏 එම ගිරිමානන්ද සූත්‍රය ත්‍රිපිටකයෙන් කියැවීම සඳහා මෙතැන click කරන්න: https://pitaka.lk/main?n=351510

පරෝපකරයේ වටිනාකම දියුණුකරන ආකාරය. (13-11-2020)

පරෝපකරයේ වටිනාකම දියුණුකරන ආකාරය පිලිබඳ මෙම දේශනාවෙන් යහපත් වූ කුසලයක් කිරීමේදී ඒ පිලිබඳ ඇතිවන්නා වූ මනෝභාවය සහ එම ක්‍රියාව ලෝකයට අර්ථ සම්පන්න වේද යන කාරණයන් දෙක මත එහි වටිනාකම සහ බලවත්කම තීරණය වන බව සඳහන් කෙරේ. එමෙන්ම ලෝකයට වැඩි යහපතක් කරන්නට නම් අප අපේ ප්‍රඥාව හසුරුවා ගැනීමේදී අප දක්‍ෂ විය යුතු බවත්, අපගේ මනෝභාවය කරුණාව, මෛත්‍රිය සහ මුදිතාව පෙරදැරිව සිදුවිය යුතු බවත් මෙම දේශනාවන් පැහැදිලිවේ.

පින්කම් කිරීමේ වටිනාකම, ප්‍රයෝජනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මාපුඤ්ඤභායි සූත්‍රයහි දැක්වෙන දේශනා පාඨයක් ඇසුරුකොට මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කල හඬ පටයද ඉදිරිපත් කරනෙමු.

1. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3nsvw9s

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූ මාපුඤ්ඤභායි සූත්‍රය (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » සත්තක නිපාතය » අව්‍යාකත වර්ගය) මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=32159

සම්මා දිට්ඨියෙහි සහ කල්‍යාණ මිත්‍ර සම්පන්තියෙහි ඇති වටිනාකම. (13-12-2020)

සම්මා දිට්ඨියෙහි සහ කල්‍යාණ මිත්‍ර සම්පන්තියෙහි ඇති වටිනාකම පිලිබඳ මෙම ධර්ම දේශනාව ලෞකික සම්මා දිට්ඨියේ අප නොදුටු පැතිකඩ එදිනෙදා ජීවිතයේ උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කෙරෙන මනා ප්‍රායෝගික වටිනා කමකින් යුතු කරුණු වලින් සමන්විත වේ.

ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර සාර්ථක වීමටත් ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර අසාර්ථක වීමටත් හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූ කාරණය ඒ පිලිබඳ අපූරු උදාහණයකි.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කල හඬ පටයද ඉදිරිපත් කරනෙමු. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3oLEChR

මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා – ප්‍රථම ධර්ම දේශනය

මෙම ‘මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා – ප්‍රථම ධර්ම දේශනය’, සුවිශේෂි ධර්ම දේශනා මාලාවක ආරම්භය වේ. ආධ්‍යාත්මික ශක්තිය අවධි කරගැනීම සඳහා අපගේ දැක්ම, චින්තනය සහ ආකල්ප කෙසේ සකසා ගතයුතුද කියන කාරණය මුල්කොටගෙන ශ්‍රී ලංකාව පුරාම සිදුකරන්නට යන ධර්ම දේශනා මාලාවක ආරම්භක මෙම දේශනාව රත්නපුර සමන් දේවාලය අභියස පවත්වන ලදී.

සත්ජන සමජ සංවර්ධන පදනම මගින් සංවිධානය කරන ලද “මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා” යන මෙම ධර්ම දේශනා වලියේ දේශකයන් වහන්සේ පූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේයි.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටයට යොමුවද පහතින් ඉදිරිපත් කරන්නෙමු.

🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/362sP88

🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූයේ පච්‌චය සූත්‍රයයි = ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » අභිසමය සංයුක්තය » අහාර වර්ගය »පච්‌චය සූත්‍රය

සතුට ගුණ දහම් වඩන්නට උපකාර වෙන හැටි (10-11-2020)

සතුට ගුණ දහම් වඩන්නට උපකාර වෙන හැටි, යන මෙම දේශනාවේදී නියම ආකාරයෙන් යොමුකරන සතුට අපගේ ගුණ දහම් වඩන්නට උපකාර වෙන ආකාරය පිළිබඳව ගිහි පැවිදි සෑම දෙනා හට ඉතාම ප්‍රයෝජනවත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 නොවැම්බර් මාසයේ 10 වෙනි දින වදාරන ලදී.

අඞ්ගුත්තරනිකායේ එකකනිපාතයේ, විරීයාරම්භ වර්ගයේ ඇති සන්තුට්ඨ සූත්‍රය ඇසුරු කොටගෙන මෙම දේශනාව සිදුකරන ලදී. මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටයට සහ ත්‍රිපිටකයේ මෙම ධර්ම දේශනාවට පාදක වු සන්තුට්ඨ සූත්‍රයට යොමුවන් ද ඉදිරිපත් කරනෙමු.

1. 🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3nxMXF3

2. 🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්ගුත්තරනිකායේ සන්තුට්ඨ සූත්‍රයයි. ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තරනිකාය » එකකනිපාතය » විරීයාරම්භ වර්ගය » සන්තුට්ඨ සූත්‍රය) එම සූත්‍රය කියැවීමට මෙතන click කරන්න: https://pitaka.lk/main?n=26160&p=65

ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම (02-11-2020)

ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම පිලිබඳ මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චිත්ත සමාධියක් දියුණු කරන තැනැත්තා විසින් භව ගමන අවසන් කල යුත්තේ කුමන තැනකින්ද යන්න පැහැදිලි කිරීම සඳහා සිදුකරන ලදී. උපදවාගත් ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤේඤය සහ යෝනිසෝමනසිකාරයෙන් පන්නරය ගැනීමෙන් භව ගමනේ අවසානය සිදුකෙරෙන පුරුක විවරකර ගතහැකි බව මෙම දහම් දේශනාවෙන් පැහැදිලි කෙරේ.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටයට යොමුව පහතින් ඉදිරිපත් කරන්නෙමු.

🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: http://bit.ly/ඉන්ද්‍රියසංවරයේවැදගත්කම

මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය. (12-01-2020)

මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය: බුද්ධ ධර්මයට අනුව දරුවන් හට තම දෙමාපියනට සිදුකල හැකි හොඳම උපකාරය ඔවුන් ධර්මයේ මනාකොට පිහිටුවීමයි. හොඳ දරුවන් විසින් එම වටිනා ප්‍රතිඋපකාරය දෙමාපියන්හට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජනවාරි 12වෙනි දින සිදුකල වටිනා දායක ධර්ම දේශනාවකි.

එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/2Tvn6Rt