උපේක්ඛා පාරමිතාව (28-01-2021)

උපේක්ඛා පාරමිතාව පිළිබඳව මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි 28 දුරුතු පෝය දින සිදුකරන ලදී.

උපේක්ෂාව යනු කුමක්ද සහ එය සෑම ගුණ ධර්මයක්ම වැඩීමට උපකාරවන ආකාරයත් අපගේ එදිනෙදා ජීවිතයේ උදාහරණ ඇසුරු කරගනිමින් මෙම ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3j0ZTSS

සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය (28-01-2021)

සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් සක්කාය සූත්‍රය ඇසුරු කොට ගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි 28 දුරුතු පෝය දින සිදුකරන ලදී.

සක්කාය දිට්ඨිය යනු කුමක්ද, එය ඇතිවන ආකාරය, එය නැති කරන ආකාරය සහ එය නැති කිරීම සඳහා අනුගමනය කලයුතු පිළිවෙත පිළිබඳව පැහැදිලි වැටහීමක් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඇති කරගැනීමට පුළුවන. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ පිලිබඳ ඇති ගැඹුරු කාරණා අපගේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණ යොදාගනිමින් සරල ලෙස මෙහිදී පැහැදිලි කරන සේක.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/2YsUAlL

ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය (24-01-2021)

ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය ගැන වර්ෂ 2021 ජනවාරි 24 වන දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද සුවිශේෂී ධර්ම දේශනාවකි. මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීම අපගේ ආධ්‍යාත්මයේ සුභවාදී, ප්‍රඥා ගෝචර වෙනසක් ඇතිකිරීමට හේතුවන කරුණක් වියහැක.

මෙහි ඇති සුවිශේෂත්වය නම් තමාට ප්‍රියවන සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වෙන බව නිතර ප්‍රත්‍යවේක්ෂා කලයුතු බව යන සම්බුද්ධ වදන පෙරදැරි කොට අපගේ සිත් තුලට ඉතාම ගැඹුරින් ඇතුළුවන ලෙස ප්‍රායෝගික උදාහරණ සහිතව දේශනා කල ධර්ම දේශනාවක් වන නිසාවෙනි.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/36iKzfi

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – 02 (09-01-2021)

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං යන ථේර ගාථාව ඇසුරුකොට සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – 02 සිදුකරන ලදී.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ මෙම දෙවන සාකච්චාව, වර්ෂ 2021 ජනවාරි මස 09 දින සිදුකරන ලදී. මෙම පැය 2කට වඩා දිගු වන සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – 02, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට හඬ පටයක් වශයෙන් මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත්තෙමු:

https://damsara.org/dhamma-talks-in-sinhala/most-ven-kukulpane-sudassi-thero/saturday-dhamma-discussion/saturday-dhamma-discussion-02/

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව: අංක 01 (02-01-2021)

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන සජීවී ධර්ම සාකච්ඡා පෙළක් Zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී. මෙම සෙනසුරාදා ධර්ම සාකච්ඡාව: අංක 01 වීඩියෝව එම සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පළමු සාකච්චාවයි.

මෙම පැය දෙකක කාලයක් වන දිගු සාකච්චාව වෙන වෙනම ප්‍රශ්න උත්තර වශයෙන් බෙදා ශබ්ද සංස්කරණය කර ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස පහත දැක්වෙන වෙබ් පිටුවේ ඉදිරිපත් කර ඇත: https://bit.ly/2Mk0yCQ

මමත්වය නිසා ඇතිවන ද්වේශය පාලනය කිරීම (30-12-2020)

මමත්වය නිසා ඇතිවන ද්වේශය පාලනය කිරීම පිළිබඳව ඉතාම ප්‍රායෝගික වටිනා කමකින් යුතු ධර්ම දේශනාවක් පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් 2020 දෙසැම්බර් මස 30 දින සිදුකරන ලදී. මෙම දේශනාවේ දී පහත සඳහන් කරුණු පැහැදිලි කෙරේ.

1. පටිඝය සහ අයෝනිසෝ මනසිකාරය හේතු කොට ද්වේශය ඉපදෙන ආකාරය.

2. මමත්වය නිසා ද්වේශය වැඩිදියුණුවන ආකාරය.

3. ද්වේශය දුරුකිරීමට බුදුරජාණන් වහන්සේ පෙන්වූ උපාය මාර්ග 06.

🙏🙏🙏 එම දේශනාවේ ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/2XH9lB1

බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව (12-01-2021)

බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව, සමස්ථ බුද්ධ ධර්මයම සම්පිණ්ඩනය කොට දේශනාකළ දහම් පිඬුවකි. එම අනුශාසනාව පාදක කොට සුවිශේෂී ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි මස 12 වෙනි දින පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. මෙම දේශනාවේ අරමුණු වනුයේ;

1. නිවන පිලිබඳ එතරම් වැටහීමක් නොමැති අය තුල ඒ පිළිබඳව දැනුමක් ඇතිකිරීමටත්,

2. නිවන් දැකීම සඳහා අප විසින් කුමක් කල යුතුද යන කරුණු පැහැදිලි කිරීමටත් වේ.

🙏🙏🙏 එම දේශනාවේ ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3buJwfM

ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කිරීම (05-01-2021)

නිවන් මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි අදහසක් අද කාලයේ ඒ සඳහා කටයුතු කරන බොහෝ උද්‍යෝගමත් බෞද්ධයින් වෙත නොමැති බව මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කිරීම, නමැති දේශනාවට සවන් දීමේදී පැහැදිලි වේ.

මෙම කාලෝචිත දේශනාව හොඳින් ශ්‍රවනය කොට තම ප්‍රතිපදාව වැඩීමේ දී සහ දියුණු කිරීමේදී නැවත නැවතත් ගලපා ගැනීම, නිවන් මග සඳහා කටයුතු කරන පින්වතුන් හට බොහෝ වැඩදායක වනු ඇත. මෙම ඉතා වටිනා දහම් දෙසුම අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මස 05 දින සිදු කරනලදී.

🙏🙏🙏 එම දේශනාවේ ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3nixGrs

ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය (04-01-2021)

ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය පිලිබඳ කාලෝචිත ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි 04 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. විදර්ශනාව යනු කුමක්ද, විදර්ශනාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය සාධක, ගෘහ ජීවිතයක් තුල එම අවශ්‍ය සාධක සම්පාදනය කරන ආකාරය, ගිහියෙකුට ඇතිවන බාධක කාරණා මොනවාද යන ආදී ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු බොහෝ වටිනා කරුණු කරුණු සහ මග පෙන්වීම් මෙම දේශනාවේ අඩංගු වේ.

දැනට විදර්ශනා භාවනාවේ යෙදෙන හෝ යෙදීමට බලාපොරොත්තු වන හෝ ගිහියන් හට මෙම ධර්ම දේශනාව විශේෂයෙන් වැදගත් වේ.

🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3ngx7Ow

අනිත්‍ය ධර්මය (05-12-2020)

අනිත්‍ය ධර්මය පිළිබඳව සුතමය ඥානය අවදිකරමින් සහ එම ධර්මයේ නොයෙකුත් ප්‍රායෝගික පැතිකඩවල් විවර කරමින් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 05 දින සිදු කෙරුණු මෙම ධර්ම දේශනාව පහත සඳහන් හේතුන් නිසා විශේෂයෙන් වැදගත් වේ.

1. අනිත්‍ය දහම ප්‍රායෝගිකව අප එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක වනවිට අපගේ සිත සකසා ගතයුතු ආකාරය.

2. විපස්සනා භාවනා යෝගීන්ගේ සුතමය ඥානය දියුණු වීමට වැදගත්වන කරුණු ඇතුලත් වීම.

3. විපස්සනා ඥාන දියුණු වීමේ එක්තරා කඩඉමක දී එම භාවනානු යෝගියා නිදිමත සහ කම්මැලි ස්වභාවයකට පත්වේ. එහිදී භාවනා ගුරුවරයා එම යෝගියාගේ විපස්සනා භාවනාව නවත්වන්නේ නැතිව දිගටම කරන ලෙස අවවාද අවවාද කරයි. එහෙත් බොහෝ යෝගීන් හට එම කඩඉම් පසුකිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ භාවනාවේ දියුණුවීම නවතී. මෙම දේශනාවේ ඇතැම් කරුණු එම කඩඉමේ දී තම මනස ක්‍රියා කෙරෙන ආකාරය වටහා ගැනීමට යම් අත්වැලක් සපයයි.

🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3obMzwI