සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 08 (20-02-2021)

මෙම සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 08 ද “ද්වේෂය දුරුකරන ක්‍රම” පාදක කරගනිමින් සිදුකරනු ලැබීය.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ මෙම අටවන සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 20 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3c5ziRI

දුක්ඛ සත්‍යය (2021-02-20)

දුක්ඛ සත්‍යය පිළිබඳව ඉතාම වැදගත් ධර්ම දේශනාවක් වර්ෂ 2021 පෙබරවාරි මස 20වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකෙරිණි. මෙම දේශනාව කිහිප වතාවක් හොඳින් ශ්‍රවණය කලයුතු වටිනා දේශනාවක් වන්නේ ඇයි දැයි යන කරුණු පහතින් දක්වමු.

1. මෙහි දුක්ඛ සත්‍යය සම්බන්ධයෙන් වර්තමාන කාලයේ ගිහි පැවිදි බොහෝ දෙනා පටලවා ගෙන ඇති ‘කලකිරීම’ සහ ‘නිබ්බිදාව’ අතර වෙනස පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.

2. දුක්ඛ වේදනාව, දුක්ඛ සත්‍යය සමග පටලවාගත් තවත් කරුණකි. මෙය ගැනත් වටිනා පැහැදිලි කිරීමක් මෙම දේශනාවේ ඇතුලත් වේ.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3aQfr9v

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 07 (13-02-2021)

මෙවර සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 07 ද “ද්වේෂය දුරුකරන ක්‍රම” පාදක කරගනිමින් සිදුකරනු ලැබීය. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ මෙම හත්වන සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 13 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/2ZQr5ee

කාර්ය බහුල ජීවිතයට ඇතිවන ආතතිය නැති කිරීම (19-12-2020)

කාර්ය බහුල ජීවිතයට ඇතිවන ආතතිය නැති කිරීමට බුදුදහමින් ලැබෙන මාර්ගෝපදේශ මොනවාදැයි සහ කාර්ය බහුල ජීවිතයක ආගමික කටයුතු සඳහා කාලය වෙන්කරගන්නේ කෙලෙසදැයි පැහැදිලි කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 19 වන දින සිදුකල ඉතා වටිනා සහ ප්‍රායෝගික ධර්ම දේශනාවකි.

මෙම දේශනාවේදී පහත සඳහන් කරුණු අවධාරණය කිරීම විශේෂයෙන් වැදගත්වේ.

1. බෞද්ධයන් මේ ජීවිත කාලය පමණක් නොව මුළු සංසර ගමනම සැලසුම් කරගත යුතුය.

2. ඒ එසේ වුවත් තමන් වෙත පැමිණිනෙන දෙයට පූර්ණව මුහුණ දීමටත් නොපමිනෙන, නූපන් දේ ගැන බරක් නොගැනීමත් මත ජීවිතය ආතතියෙන් තොරව ගතකල හැකිබව ආගතභාර සූත්‍රය ඇසුරුකොට ස්වාමින්වහන්සේ දේශනා කල සේක. (සූත්‍රය මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=27190&p=100)

3. කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කලත් සතිමත්ව එළබෙන කාර්යයට යෙදී ගත කිරීමෙන් මානසික ආතතිය නැතිව ගතකල හැකි බව.

4. සතිපට්ඨානය වැඩීම ඒ සඳහා ඉමහත් ලෙස උපකාර වන බව.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3pFTAWP

ලෞකික ජීවිත ගත කරන අයට කෙලෙස් නැසීම – සබ්බාසව සූත්‍රය (13-02-2021)

ලෞකික ජීවිත ගත කරන අයට කෙලෙස් නැසීම සඳහා සුදුසු ක්‍රම කුමක්දැයි සබ්බාසව සූත්‍රය ඇසුරින් ඉතා වටිනා දායකත්ව ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 පෙබරවාරි 13 වන දින සිදුකරන ලදී.

මෙම දහම් දේශනාවෙන් අප බොහෝ දෙනා නොදන්නා පහත සඳහන් කරුණු පැහැදිලි කෙරේ;

1. බුදුරජාණන්වහන්සේ සබ්බාසව සූත්‍රය දේශනා කිරීමේදී එම සූත්‍රයෙන් දැක්වෙන කෙලෙස් නැසීමේ කරුණු 07 සුදුසු වන්නේ යෝනිසෝමනසිකාරය සහිත පුද්ගලයන් හට පමණක් බවයි. ඉන්පසු ස්වාමින්වහන්සේ යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන සේක.

2. රහත් බවට පත් නොවූ අනෙක් සියළු ආර්යයන් වහන්සේලා වුවද තමන්ගේ ඵල සමාපත්තියට සම වදින්නේ නැති විට යම් යම් ප්‍රමාණ වලට ආශ්‍රව වලට නතු වී ලෞකික ජීවිත ගතකරන බව පැහැදිලි කල සේක.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3u6T7QA සබ්බාසව සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=18102

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව: අංක 06 (06-02-2021)

මෙම සෙනසුරාදා ධර්ම සාකච්ඡාව: අංක 06, ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී සිදුකල “ද්වේෂය දුරුකරන ක්‍රම” දේශනා මාලාව පාදක කරගෙන සිදුකරනු ලැබීය.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හයවන සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 06 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට හඬ පටයක් වශයෙන් මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත්තෙමු: https://bit.ly/37CF2km

දිට්ඨි විශුද්ධිය (05-02-2021)

දිට්ඨි විශුද්ධිය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 පෙබරවාරි මස පස්වන දින සිදුකරන ලදී. සප්ත විශුද්ධි වල තුන්වන විශුද්ධිය වන දිට්ඨි විශුද්ධිය පිලිබඳ මෙම ධර්ම දේශනාව සංක්ෂිප්ත, පුර්ණ සහ වටිනා ධර්ම දේශනාවකි. අපගේ දහම් මාවතේදී පටලවා ගන්නා ස්ථානයක් පිලිබඳ වැදගත් පැහැදිලි කිරීමක්ද මෙහි ඇතුලත් වේ.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/2YYgJZs

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 05 (30-01-2021)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 05 ධර්ම සාකච්ඡාව ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං යන ථේර ගාථාව ඇසුරුකොට සිදුකරන ලද අවසන් සාකච්චාව වේ.

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 05 ධර්ම සාකච්ඡාව ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං යන ථේර ගාථාව ඇසුරුකොට සිදුකරන ලද අවසන් සාකච්චාව වේ. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පස් වන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 30 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට හඬ පටයක් වශයෙන් මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත්තෙමු: https://bit.ly/3pqPrWt

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 04 (23-01- 2021)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 04 ධර්ම සාකච්ඡාවද ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං යන ථේර ගාථාව ඇසුරුකොට සිදුකරන ලදී.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ සිව් වන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 23 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට හඬ පටයක් වශයෙන් මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත්තෙමු: https://bit.ly/2LLDPzu

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 03 (16-01-2021)

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං යන ථේර ගාථාව ඇසුරුකොට සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 03 සිදුකරන ලදී.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තෙවන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 16 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට හඬ පටයක් වශයෙන් මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත්තෙමු: https://damsara.org/dhamma-talks-in-sinhala/most-ven-kukulpane-sudassi-thero/saturday-dhamma-discussion/saturday-dhamma-discussion-03/