කාමයන්ගේ ආදීනව දකිමින් එයම අපේක්ෂා කරන්නේ ඇයි? (17-03-2021)

ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත්වන සහ ගැටලුවක් වන කාමයන්ගේ ආදීනව දකිමින් එයම අපේක්ෂා කිරීම පාදක කරගනිමින් වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 17 වෙනිදා සිදුකරන ලදී. මෙහිදී බුදුරජාණන්වහන්සේ විසින් මහානාම රජුන් හට ලබා දුන් උපදේශයක් පාදක කරගනිමින් නිරතුරුව සතිපට්ඨානය තුලින් දියුණු කරගත් සතියක් හෝ සමථ ධ්‍යානයක් හෝ නැති ඕනෑම අවස්ථාවක අනාගාමී තත්වයෙන් පහල සිටින ඕනෑම අයකුට අකුසලයන්ගේ අදීනව දැන සිටියා වුවත් එම අකුසල සිතුවිලි ඇතිවිය හැකි බව පැහැදිලි කෙරිණි.

මෙම දේශනාවට පාදක වූ සූත්‍රය, ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න ( චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය) : https://pitaka.lk/main?n=18114

මෙම වීඩියෝවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබා ගන්න: https://bit.ly/3lS3kwI

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 12 (20-03-2021)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 12 ද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. මෙදින පස්වන උපාසක ගුණය මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දොලොස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 20 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3d3L1AF

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 11 (13-03-2021)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 11 ද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. එය සියළුම බෞධයන් හට වැදගත් වන්නේ බෞධභාවය යනු කුමක්දැයි බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කෙරෙන බැවිනි. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකොලොස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 13 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3cYPCEj

ද්වේශය ඇතුළු අකුසල විතර්ක දුරුකිරීම (13-03-2021)

ගිහි පැවිදි සෑම දෙනා හටම දහම මග දියුණු කරගැනීමට වෙර දැරීමේදී විටින් විට අකුසල විතර්ක වලින් පීඩා විඳීමට සිදුවේ. එවන් අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ විසින් වදාල ක්‍රම පහක් ආධාරයෙන් එම අකුසල විතර්ක සමනය කරගන්න ආකාරය පිළිබඳව මෙම ද්වේශය ඇතුළු අකුසල විතර්ක දුරුකිරීම යන වටිනා ධර්ම දේශනාව වර්ෂ 2021 මාර්තු මස 13 වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3tCLGj3

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක:10 (06-03-2021)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක:10, “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. එය සියළුම බෞධයන් හට වැදගත් වන්නේ බෞධභාවය යනු කුමක්දැයි බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කෙරෙන බැවිනි.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ මෙම දසවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 06 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3cOdlHd

සතුටින් ජීවත් වන්නේ කෙසේද? (02-03-2021)

ජීවිතය පුරා අභියෝග වලට මුහුණ දෙමින්, එම අභියෝග ජය ගනිමින්, යුතුකම් වගකීම් ඉටුකරමින් සතුටින් ජීවත් වන්නේ කෙසේද සහ ඒ සඳහා ධර්ම මාර්ගයේ හැසිරීමේ වැදගත්කම පිළිබඳව ගිහි අප කා හටත් වැදගත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මාසයේ දෙවෙනිදා සිදුකරන ලදී.

සාමිස සතුටින් පටන්ගෙන නොනැවතී, ඉහල තත්වයේ නිරාමිස සතුට ලබාගැනීමට බොජ‍්ඣඣඞ‍්ග යනාදිය දියුණු කිරීම අවශ්‍ය බව මෙහිදී පැහැදිලි කෙරේ.

එම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්ගුත්තරනිකායේ සන්තුට්ඨ සූත්‍රයයි. ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තරනිකාය » එකකනිපාතය » විරීයාරම්භ වර්ගය » සන්තුට්ඨ සූත්‍රය) එම සූත්‍රය කියැවීමට මෙතන click කරන්න: https://pitaka.lk/main?n=26160&p=65

මෙය ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙම වටිනා සූත්‍රය අලලා මෑතකදී සිදුකල දෙවන වටිනා දහම් දේශනාවයි. ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3qT0qsy

ප්‍රේමය, ආදරය සහ සෙනෙහස (06-03-2021)

“ප්‍රේමතෝ ජායතී සෝකෝ..'” යන බුද්ධ දේශනාව පාදක කරගෙන ගිහි ජීවිත ගතකරන අයට ඉතා වැදගත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 06 දින ප්‍රේමය, ආදරය සහ සෙනෙහස යන මාතෘකාව යටතේ සිදුකරන ලදී. මෙම දේශනාවෙන් ස්වාමින්වහන්සේ පහත සඳහන් කරුණු පැහැදිලි කල සේක.

1. පෘතග්ජන මනුෂ්‍යන්ට වැදගත් වන ප්‍රේමය, ආදරය සහ සෙනෙහස යනු කුමක්ද?

2. ඒ නිසා දුක ශෝකය හටගන්නේ කෙසේද,?

3. ප්‍රේමය, ආදරය සහ සෙනෙහස යහපත් දිවි පැවැත්මක් සඳහා උපකාරී වෙන ආකාරය.

4. එම ප්‍රේමය, ආදරය සහ සෙනෙහස අපට නිවන් මගට සහය වන්නේ කෙසේද ?

එම දේශනාවේ ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3v73lRF

දහම් මනසිකාරය දියුණු කිරීම (28-02-2021)

දහම් මනසිකාරය දියුණු කිරීම යන ධර්ම දේශනාව උපන් දිනය සැමරීමට බලාපොරොත්තු වන බෞධයන් හට විශේෂයෙන් වැදගත් වේ. දහම් මනසිකාරය දියුණු කිරීම නිසා දහම තුලින් ජීවිතයත් ජීවිතය තුලින් දහමත් දැකීමට භාවනා මනසිකාරය දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 පෙබරවාරි මස 28 වෙනි දින මෙම වටිනා ධර්ම දේශනාව සිදුකරන ලදී.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3qn3o8i

චිත්ත පීඩාවන්ට මුහුණ දුන් පසු (01-03-2021)

චිත්ත පීඩාවන්ට මුහුණ දුන් පසු සිත එකඟ කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් ඉතාමත් ප්‍රායෝගික වටිනාකමකින් යුතු ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 01වෙනි දින සිදුකරන ලදී.

චිත්ත පීඩාවන් අප බොහො දෙනා හට සාධාරණ මානසික තත්වයකි. ඇතැම්විට භාවනා මාර්ගය හෝ අධ්‍යාත්මික දියුණුව තමන් බලාපොරොත්තු වන ආකාරයට සිදු නොවීම නිසා නිවන් මග ගමන් කරන අයටත්, සාමාන්‍ය එදිනෙදා ජීවිත ගත කරන අයට අවශ්‍ය අරමුණු සහ බලාපොරොත්තු ඉටු නොවීම නිසාත් එක ලෙසම පොදුවේ චිත්ත පීඩාවන් ඇතිවිය හැක.

ඒ කුමන ආකාරයේ චිත්ත පීඩාවන් වුවද ඒ සෑම පීඩාවන්ම සමාන ප්‍රභවයන්ගෙන් ඇතිවන බවත් සහ සමාන මානසික (විපස්සනා) පුහුණුවකින් සමනය කරගැනීමට හැකිවන බවත් මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/2NUKwQL

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 09 (27-02-2021)

මෙම සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 09 “ද්වේෂය දුරුකරන ක්‍රම” පාදක කරගනිමින් සිදුකරනු ලැබු අවසාන ධර්ම සාකච්චාවයි. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ නවවන සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 27 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3rSQiBv