සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 12 ද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. මෙදින පස්වන උපාසක ගුණය මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දොලොස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 20 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක.
මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3d3L1AF