භාවනා මග සහ ”සදහම් මග” වැඩීමට යොමුවන ඇතැම් ගිහියන් වරද්දා ගන්නා කාරණයක් පිලිබඳ ඉතා වැදගත් විවරණයක් මෙම ධර්ම ඛණ්ඩයෙන් පැහැදිලි කෙරේ. එසේ දහම් මග පටලවාගන්නා ගිහියන් නිවන් මාර්ගයෙන් ඉවත්වන බව මෙම විනාඩි 18ක දහම් ඛණ්ඩයේ දක්වා ඇත.
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් මෑතදී ආරම්භ කල ”ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන Zoom දුරස්ථ ධර්ම සාකච්චා වැඩසටහනේ වර්ෂ 2021 ජනවාරි මස 02 දින සිදුකල ධර්ම සාකච්චාවෙන් උපුටාගන්නා ලදී.