ලෞකික ජීවිත ගත කරන අයට කෙලෙස් නැසීම සඳහා සුදුසු ක්‍රම කුමක්දැයි සබ්බාසව සූත්‍රය ඇසුරින් ඉතා වටිනා දායකත්ව ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 පෙබරවාරි 13 වන දින සිදුකරන ලදී.
මෙම දහම් දේශනාවෙන් අප බොහෝ දෙනා නොදන්නා පහත සඳහන් කරුණු පැහැදිලි කෙරේ;
1. බුදුරජාණන්වහන්සේ සබ්බාසව සූත්‍රය දේශනා කිරීමේදී එම සූත්‍රයෙන් දැක්වෙන කෙලෙස් නැසීමේ කරුණු 07 සුදුසු වන්නේ යෝනිසෝමනසිකාරය සහිත පුද්ගලයන් හට පමණක් බවයි. ඉන්පසු ස්වාමින්වහන්සේ යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන සේක.
2. රහත් බවට පත් නොවූ අනෙක් සියළු ආර්යයන් වහන්සේලා වුවද තමන්ගේ ඵල සමාපත්තියට සම වදින්නේ නැති විට යම් යම් ප්‍රමාණ වලට ආශ්‍රව වලට නතු වී ලෞකික ජීවිත ගතකරන බව පැහැදිලි කල සේක.
ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3u6T7QA සබ්බාසව සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=18102