කල යුතු සහ නොකළ යුතු කථා පිළිබඳව අප බොහෝ දෙනෙකුට පැහැදිළි අවබෝධයක් නොමැත. සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් තොරව අපි කථා කරනවා පමණක් නොව අන්‍යයන්ගේ කථා වලට සවන් දීමද කරන්නෙමු. එනිසා අප එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් කෙලෙස් වඩමින්, ගැටුම් ඇතිකර ගනිමින් ජීවිත ගත කරන්නෙමු. විනාඩි 09ක් වූ මෙම වටිනා දහම් ඛණ්ඩය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරින් සිදුකල දීර්ඝ දේශනා මාලාවේ 18 වෙනි දේශනාවෙන් උපුටාගන්නා ලදී.
මෙම දහම් ඛණ්ඩය ඇතුලත් සම්පුර්ණ දේශනාව වන “18.අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – සප්පාය කථා.” ධර්ම දේශනාවට සවන් දීම සඳහා අනුරුද්ධ සූත්‍රය ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම වෙබ් යොමුව මත click කරන්න: https://bit.ly/30IGp0M