පටිසේවනා පහාතබ්බා – Saturday Dhamma Discussion – 85 (29-10-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 85 (පටිසේවනා පහාතබ්බා -කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග) 29-10-2022

පටිසේවනා පහාතබ්බාSaturday Dhamma Discussion – 85 was conducted on 29 October 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 85 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අසූ පස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 ඔක්තෝබර් මස 29 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේදී සබ්බාසව සූත්‍රයේ දැක්වෙන පටිසේවනා පහාතබ්බා යන්න කුමක්දැයි පැහැදිළි කරන ලදී. ප්‍රත්‍යවේක්ෂාවෙන් නැතහොත් නුවණින් මෙනෙහි කොට පරිහරණය කිරීම් වශයෙන් දුරුකළ යුතු කෙලෙස් මෙහිදී පෙන්වා දී ඇත. භික්ෂුන් සම්බන්ධයෙන් නම් සිව් පසයත් ගිහියන් සම්බන්ධයෙන් ඇඳුම්, ආහාර, නිවාස සහ සෞඛ්‍ය යන අවශ්‍යතා තුලින්, ඇති ආශ්‍රවයන් වැඩි දියුණු වීමත් සහ නැති ආශ්‍රවයන් වැඩීමත් සිදුවෙන ආකාරය ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව තුලින් මනා කොට හෙළි දැක්විණි.

ත්‍රිපිටකයේ එම සබ්බාසව සූත්‍රය මෙතනින් කියවන්න: සබ්බාසව සූත්‍රය.

මෙම (පටිසේවනා පහාතබ්බා – සබ්බාසව සූත්‍රය 05) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. පටිසේවනා පහාතබ්බා පැහැදිලි කරන්න. *** (ප්‍රත්‍යවේක්‍ෂාවෙන් නැතහොත් නුවණින් මෙනෙහි කොට පරිහරණය කිරීම් වශයෙන් දුරුකළ යුතු කෙලෙස් මෙහිදී පැහැදිලි කරන ලදී. අපගේ මූලික අවශ්‍යතා තුලින් නුවණින් මෙනෙහි කිරීමෙන් එනම් ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරවූ විට ඇති ආශ්‍රවයන් වැඩි දියුණු වීමත් සහ නැති ආශ්‍රවයන් වැඩීමත් සිදුවෙන ආකාරය මනා කොට දෛනික ජීවිතයේ උදාහරණ තුලින් පැහැදිලි කරන ලදී.) මෙම දේශනාවේ දී සඳහන් කල අරියවංශ සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න.
  2. විශේෂ කාරණය. (මීළඟ සෙනසුරාදා එනම් 05-11-2022 දින ධර්ම සාකච්ඡාව නොපැවතේ.)
  3. මේ අත්‍යවශ්‍ය කරුණු හතර (සිව් පසය) පිලිබඳව ප්‍රත්‍යවේක්‍ෂාවේ දුබල බව නිසා අප තුල ගැටුම්කාරී බව වැඩි වෙමින් ‘ඇතුලත කථාව අවම’ මනසක් ඇති කර ගැනීම වඩාත් අපහසු වෙනවා නොවේ ද? *** (මෙම පැනය සහ පිළිතුර තුලින් පටිසේවනා පහාතබ්බා පිළිබඳව තවත් වටිනා පැතිකඩක් පැහැදිලි කෙරේ. එමෙන්ම අරියවංශ සූත්‍රයේ වටිනාකම නැවත වරක් තහවුරු කෙරිණි.)
  4. අප තුල කුසල් හෝ අකුසල් කිරීමට ඇති නැඹුරුව පිලිබඳ අවධිමත් බව මෙවැනි ප්‍රත්‍යවේක්‍ෂාවන්ට රුකුලක් වෙනවා නොවේද? *** (මෙහිදී ‘වාසනා ගුණ’ සම්බන්ධ කර ගනිමින් විචාරය නිරතුරු දියුණු කිරීමේ වැදගත්කම පැහැදිලි කරන ලදී.) 
  5. සබ්බාසව සූත්‍රය පරිශීලනය කිරීමේ දී අප ප්‍රඥාව දියුණු කර ගනිමින් විපස්සනා භාවනාවට පදනම හොඳින් සකසා ගන්නවා නොවේද? *** (මෙහිදී ගරු ස්වාමින්වහන්සේගේ පිළිතුර වැදගත් වේ.)
  6. අද දේශනාවේ සඳහන් කල සමාජ, ආර්ථික සහ දේශපාලන කරුණු සිදුවන්නේ සතර අගතියට පත්වූ රටවැසියන් නිසා නොවේ ද? ***
  7. ධ්‍යාන භාවනාවේ සත් දිනක් යෙදෙන භික්‍ෂුන් වහන්සේ ආහාර නොමැති කමින් සත්වෙනි දවසේ අපවත් වන්නේ ද?
  8. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.