Video Dhamma of Most Ven. Kukulpane Sudassi Thero_02

Most Ven. Kukulpane Sudassi Thero

Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.

පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.

To download the Audio file : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.


06. ද්වේශය ඇතුළු අකුසල විතර්ක දුරුකිරීම (13-03-2021): ගිහි පැවිදි සෑම දෙනා හටම දහම මග දියුණු කරගැනීමට වෙර දැරීමේදී විටින් විට අකුසල විතර්ක වලින් පීඩා විඳීමට සිදුවේ.
එවන් අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ විසින් වදාල ක්‍රම පහක් ආධාරයෙන් එම අකුසල විතර්ක සමනය කරගන්න ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් වර්ෂ 2021 මාර්තු මස 13 වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.  දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතන click කර ලබා ගන්න.  

07. සතුටින් ජීවත් වන්නේ කෙසේද? (02-03-2021): ජීවිතය පුරා අභියෝග වලට මුහුණ දෙමින්, එම අභියෝග ජය ගනිමින්, යුතුකම් වගකීම් ඉටුකරමින් සතුටින් ජීවත් වන්නේ කෙසේද සහ ඒ සඳහා ධර්ම මාර්ගයේ හැසිරීමේ වැදගත්කම පිළිබඳව ගිහි අප කා හටත් වැදගත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මාසයේ දෙවෙනිදා සිදුකරන ලදී. සාමිස සතුටින් පටන්ගෙන නොනැවතී, ඉහල තත්වයේ නිරාමිස සතුට ලබාගැනීමට බොජ‍්ඣඣඞ‍්ග යනාදිය දියුණු කිරීම අවශ්‍ය බව මෙහිදී පැහැදිලි කෙරේ.  දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතන click කර ලබා ගන්න. 

08. ප්‍රේමය, ආදරය සහ සෙනෙහස (06-03-2021):  “ප්‍රේමතෝ ජායතී සෝකෝ..’” යන බුද්ධ දේශනාව පාදක කරගෙන ගිහි ජීවිත ගතකරන අයට ඉතා වැදගත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 06 දින සිදුකරන ලදී. මෙම දේශනාවෙන් ස්වාමින්වහන්සේ පහත සඳහන් කරුණු පැහැදිලි කල සේක; 1. පෘතග්ජන මනුෂ්‍යන්ට වැදගත් වන ප්‍රේමය, ආදරය සහ සෙනෙහස යනු කුමක්ද? 2. ඒ නිසා දුක ශෝකය හටගන්නේ කෙසේද,? 3. ප්‍රේමය, ආදරය සහ සෙනෙහස යහපත් දිවි පැවැත්මක් සඳහා උපකාරී වෙන ආකාරය. 4. එම ප්‍රේමය, ආදරය සහ සෙනෙහස අපට නිවන් මගට සහය වන්නේ කෙසේද? දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතන click කර ලබා ගන්න.  

09. දහම් මනසිකාරය දියුණු කිරීම (28-02-2021):
මෙම ධර්ම දේශනාව උපන් දිනය සැමරීමට බලාපොරොත්තු වන බෞධයන් හට විශේෂයෙන් වැදගත් වේ. දහම් මනසිකාරය දියුණු කිරීම නිසා දහම තුලින් ජීවිතයත් ජීවිතය තුලින් දහමත් දැකීමට භාවනා මනසිකාරය දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 පෙබරවාරි මස 28 වෙනි දින වටිනා ධර්ම දේශනාවක් සිදුකරන ලදී. දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතන click කර ලබා ගන්න. 

10. චිත්ත පීඩාවන්ට මුහුණ දුන් පසු (01-03-2021): චිත්ත පීඩාවන් අප බොහො දෙනා හට සාධාරණ මානසික තත්වයකි. ඇතැම්විට භාවනා මාර්ගයේ හෝ අධ්‍යාත්මික මාර්ගයේ දියුණුව තමන් බලාපොරොත්තු වන ආකාරයට සිදු නොවීම නිසා නිවන් මග ගමන් කරන අයටත්, සාමාන්‍ය එදිනෙදා ජීවිත ගත කරන අයට අවශ්‍ය අරමුණු සහ බලාපොරොත්තු ඉටු නොවීම නිසාත් එක ලෙසම පොදුවේ චිත්ත පීඩාවන් ඇතිවිය හැක. ඒ කුමන ආකාරයේ චිත්ත පීඩාවන් වුවද ඒ සෑම පීඩාවන්ම සමාන ප්‍රභවයන්ගෙන් ඇතිවන බවත් සහ සමාන මානසික (විපස්සනා) පුහුණුවකින් සමනය කරගැනීමට හැකිවන බවත් මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ. දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතන click කර ලබා ගන්න