Video Dhamma of Most Ven. Kukulpane Sudassi Thero_11

Most Ven. Kukulpane Sudassi Thero

Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.

පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.

To download the Audio file : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.


51. යෝග ක්‍රම විදර්ශනාවට උපකාර වන ආකාරය – (01-12-2020): යෝග ක්‍රම විදර්ශනාවට උපකාර වෙන්නේ කෙසේද කියන කාරණය පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට පුරුදු වෙනත් ධර්ම දේශනා වලට වඩා වෙනස් වේ. යෝග ක්‍රම ප්‍රගුණ කිරීම බුදුරජාණන් වහන්සේ විසින් වදාල ”සුඛා ප්‍රතිපදාව” ට අධාර වෙන ආකාරය පැහැදිලි කෙරෙමින් වර්ෂ 2020 දෙසැම්බර් මස 01 දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල සුවිශේෂී ධර්ම දේශනාවකි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).

52. ජීවිතයේ අනිත්‍යතාවය (08-12-2020): ජීවිතයේ අනිත්‍යතාවය ගැන කෙතරම් අප දහම් ශ්‍රවණය කලත්, මතුපිටින් තේරුම් ගත්තා වුවත් එය ගැඹුරින් අවභෝද කිරීම පහසු කාරණයක් නොවේ. දහමේ සිධාන්තයන් සුතමය, චින්තාමය සහ භාවනා ඥානය යනුවෙන් ක්‍රම තුනකින් දිගුකලක් ප්‍රගුන කිරීම එම අනිත්‍යතාවය පැහැදිළි කරගැනීමට වැදගත් වෙන ආකාරය මෙම ධර්ම දේශනාවේ පැහැදිලි කෙරේ.
බහු පුත්තිකා තෙරණියගේ කථා වස්තුව පාදක කරගෙන අපුර්ව විවරණයක් සිදුකරමින් ස්වාමින්වහන්සේ අනිත්‍යතාවය නිසා අපට ඉතාම ප්‍රිය කරන දේ සිදුවූවත්, අපට අප්‍රිය දේ සිදුවූවත් අවසානයේ දුකකින්ම කෙළවර වන බව පෙන්වා දෙන්නේ එම තෙරණිය එම සිදුවීම් සමුහයම නිවන් සාක්ෂාත් කරගැනීමට යොදාගත් ක්‍රමවේදය ද පැහැදිලි කරමිනි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

 

Share this with others as a gift of Dhamma!