Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.
පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.
It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.
To download the Audio file: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.
වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.
46. මිනිසාගේ ඇතිවීම, පැවතීම සහ අවසානය. (19-06-2020): දැනට ලෝකයේ පවතින Covid 19 වසංගත තත්වය පාදක කරගනිමින් බුද්ධ ධර්මයේ සඳහන් මිනිසාගේ ඇතිවීම පැවතීම සහ අවසානය පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජූනි මාසයේ 19 වෙනි දින පැවැත්වූ වටිනා දායකත්ව ධර්ම දේශනාවකි. චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙන ”තමන් සරණ කොට, තමන් පිහිට කොට වාසය කරන්න. වෙනත් කෙනෙක් සරණ කොට, වෙනත් කෙනෙක් පිහිට කොට වාසය නොකරන්න. ධර්මය සරණ කොට, ධර්මය පිහිට කොට වාසය කරන්න.”යන බුද්ධ වචනය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන මෙම දේශනාවේදී පිය උරුමය නම් වූ සතර සතිපට්ඨානය තුල ජීවත්වෙන ලෙසට බුදුරජාණන් වහන්සේ භික්ෂූනට දුන් අවවාදය ද මතුකර දක්වමින් මෙම වටිනා දේශනාව විකාශනය වේ. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).
47. ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම (02-11-2020): මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චිත්ත සමාධියක් දියුණු කරන තැනැත්තා විසින් භව ගමන අවසන් කල යුත්තේ කුමන තැනකින්ද යන්න පැහැදිලි කිරීම සඳහා සිදුකරන ලදී.
උපදවාගත් ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤේඤය සහ යෝනිසෝමනසිකාරයෙන් පන්නරය ගැනීමෙන් භව ගමනේ අවසානය සිදුකෙරෙන පුරුක විවරකර ගතහැකි බව මෙම දහම් දේශනාවෙන් පැහැදිලි කෙරේ. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).
48. සතුට ගුණ දහම් වඩන්නට උපකාර වෙන හැටි (10-11-2020): නියම ආකාරයෙන් යොමුකරන සතුට අපගේ ගුණ දහම් වඩන්නට උපකාර වෙන ආකාරය පිළිබඳව ගිහි පැවිදි සෑම දෙනා හට ඉතාම ප්‍රයෝජනවත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 නොවැම්බර් මාසයේ 10 වෙනි දින වදාරන ලදී. අඞ්ගුත්තරනිකායේ එකකනිපාතයේ, විරීයාරම්භ වර්ගයේ ඇති සන්තුට්ඨ සූත්‍රය ඇසුරු කොටගෙන මෙම දේශනාව සිදුකරන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).
49. මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා – ප්‍රථම ධර්ම දේශනය (09-04-2020): මෙය සුවිශේෂි ධර්ම දේශනා මාලාවකි. ආධ්‍යාත්මික ශක්තිය අවධි කරගැනීම සඳහා අපගේ දැක්ම, චින්තනය සහ ආකල්ප කෙසේ සකසා ගතයුතුද කියන කාරණය මුල්කොටගෙන ශ්‍රී ලංකාව පුරාම සිදුකරන්නට යන මෙම ධර්ම දේශනා වලියේ මෙම ප්‍රථම දේශනාව රත්නපුර සමන් දේවාලය අසල පැවැත්වුණි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).
50. මෙත්තා මනෝභාවය (05-12-2020): මෛත්‍රීය භාවනාවක් ලෙස කුඩා කල සිට අප ඉගෙන ගෙන පුහුනු කලත් එම පුහුණු ක්‍රමයේ අද කාලයේ දී සමාජ ගතවී ඇති වැරදි පෙන්වා දෙමින් සිදු කෙරුණු මෙම දේශනාව වටිනා ධර්ම විවරණයක් වේ. මෙත්තා මනෝභාවය හඳුනා ගැනීමට අවශ්‍ය වන මනුෂ්‍ය ධර්ම අවධි වීමේ වැදගත්කම, වචන භාවිතා කරමින් වර්ථමාන කාලයේ බහුල ලෙස සිදු කෙරෙන ”මෙත් වැඩීමේ” දුර්වලතා, සිතුවිල්ලේ සහ මනොභාවයේ වෙනස සහ ”මුලින් තමන්ට මෙත් වැඩීම” යන වර්ථමාන මෙත් වැඩීමේ ක්‍රමයේ දුබලතාවය යන සුවිශේෂී කරුණු ඇතුලත් මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත් වේ.🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: https://bit.ly/3lIX34F
![]() | ![]() |