Video Dhamma of Most Ven. Kukulpane Sudassi Thero_09

Given below are important Video Dhamma conducted by Most Ven. Kukulpane Sudassi Thero.

පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල වටිනා වීඩියෝ ධර්ම දේශනා සහ සාකච්චා මෙහි පල කෙරේ.

It’s sensible to watch the videos by clicking on the videos – without downloading because downloading could consume a lot of internet Data. We have also provided the links to the audio files for those who wish to save the Dhamma for listening.

To download the Audio file : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

වීඩියෝ නැරැඹීම සඳහා එම වීඩියෝ මත click කරන්න. ඒවා බාගත කිරීමෙන් ඔබගේ අන්තර්ජාල data වැයවීම අධික වියහැක. එබැවින් සෑම වීඩියෝවක් සමගම පසුව ශ්‍රවණය කිරීමට බාගත කළහැකි හඬ පටයේ link (යොමුව) ද ඉදිරිපත් කරන්නෙමු.


41. අපේ ජීවිත කාලය තීරණය කරන සාධක (25-09-2020): මෙම දේශනාවේ දී විශේෂ කරනා 3 ක් පිළිබඳව පැහැදිලි කරන ලදී. 1. මියගිය හෝ ජීවත්වෙන හෝ ඥාතියෙකුට පින් අනුමෝදම් කරවීමට සම්පූර්ණ විය යුතු කරුණු. 2. අකුසල ධර්ම අඩු කරන සහ සහ යටපත් යටපත් කරන කරන ආකාරය. 3. මරණය නවත්වන ආකාරය පිළිබඳව. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව). 

42. මරණය තුලින් ජීවිතයේ යථාර්ථය දකිමු (29-07-2020): මරණය බොහෝ දෙනෙකුට බිය උපදවන දෙයකි. මෙම දේශනාව, අපට අපේ මරණය තුලින් ජීවිතයේ යථාර්ථය අවභෝද කරගැනීමට මහෝපකාරීවනවා ඇත. පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෙහිදී ඨාන සූත්‍රයේ සඳහන් වන ඉතා ප්‍රසිද්ධ දහම් පාඨයක් ඇසුරු කොටගෙන මෙම ධර්ම දේශනාව සිදුකල සේක. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).

43. වේදනානු පස්සනා සතිපට්ඨානය (01-09-2020): ස්වාමින්වහන්සේ මෙහිදී වේදනානු පස්සනා සතිපට්ඨානය පිළිබඳව අප කා හටත් හොඳින් අවභෝද වන ආකාරයට මෙම වටිනා දේශනාව සිදුකරන ලදී. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).

44. බෝසත් ප්‍රතිපදා පූර්නයේදී දෙවියන්ගේ කාර්යභාරය (22-10-2020): මෙම ධර්ම දේශනාව ඉතාම කලාතුරකින් ඇසීමට ලැබෙන වටිනා දහම් දේශනාවකි. මෙහිදී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ප්‍රතිපදා පූර්ණයේදී ආධාර සහ ආරක්ෂාව සලසා දෙන ආකාරය ගැන පැහැදිලි පැහැදිලි කෙරේ. බෝසත් වරුන්ගේ සුවිශේෂී ගුණයන් සහ විශේෂ ශක්තීන් පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරේ.ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙහිදී එසේ දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ආධාර සිදුකරන ක්‍රම 7ක් පිළිබඳව දේශනාවට සවන් දෙන මිනිසුන් සහ දෙවි බඹුන් හට ඉදිරිපත් කරනු ලැබුවා. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).

45. මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය (12-01-2020): බුද්ධ ධර්මයට අනුව දරුවන් හට තම දෙමාපියනට සිදුකල හැකි හොඳම උපකාරය ඔවුන් ධර්මයේ මනාකොට පිහිටුවීමයි. හොඳ දරුවන් විසින් එම වටිනා ප්‍රතිඋපකාරය දෙමාපියන්හට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජනවාරි 12වෙනි දින සිදුකල වටිනා දායක ධර්ම දේශනාවකි. (දහම් දේශනාවේ හඬ පටය බාගත කරගැනීමට ඇති link/යොමුව).

 

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.