
මාගන්දිය සූත්‍රය – Magandiya Sutta (ඉරිදා දහම් වැඩසටහන – සැප්තැම්බර් 2023)
මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් මාගන්දිය සූත්‍රය – Magandiya Sutta ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2023 සැප්තැම්බර් 03වන දින ආරම්භ කරන ලදී.
මෙම සූත්‍රය ඉන්ද්‍රිය සංවරයේ වටිනාකම සහ අවශ්‍යතාවය මැනවින් පෙන්වාදෙන ඉතා වටිනා සූත්‍ර රත්නයකි. පෘථග්ජන මිනිසා තම ජීවිත කාලය තුල දී ඇස, කණ, නාසා දී ඉන්ද්‍රියන් ඉහලින්ම පිනවීම “ජීවිතයේ සාර්ථකත්වය” ලෙස දකිමින් ඒ තුලම නිමග්න වෙමින් ලැබුනා වූ වටිනා මිනිස් දිවිය නිමා කරති. එම ඉන්ද්‍රියන්ගේ ග්‍රහණය කාම ලෝකයේ බෙහෙවින් බලවත් වෙන නිසා රහත් භාවයෙන් මෙපිට පුහුණු වන්නා වූ ගිහි පැවිදි සෑම දෙනාම සති සම්පජඤ්ඤය සමග වැඩිය යුතු අත්‍යාවශ්‍ය පුහුණුවක් ලෙස ඉන්ද්‍රිය සංවරය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.
එම කරුණු විශිෂ්ඨ ආකාරයෙන් පුජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ මෙම ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාවන් තුලින් පහදා දෙන සේක. එමෙන්ම ඉන්ද්‍රිය සංවරය නිවන් මග දියුණු කිරීමේ දී අත්‍යවශ්‍ය වෙන ආකාරයත් එය ශීලයේ ක්‍රමික දියුණු අවස්ථා පසුකර සම්මා සමාධිය ඇති කිරීමට හේතු වෙන ආකාරයත් මෙහි දී මැනවින් පැහැදිලි කෙරේ.
මාගන්දිය සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මාගන්දිය සූත්‍රය.
මෙම වටිනා දේශනාවලියට පිවිසීමක් ලෙස දෙවන ධර්ම දේශනාවෙන් උපුටා ගන්නා ලද කෙටි ධර්ම ඛණ්ඩයක් මුලින්ම ඉදිරිපත් කරනෙමු.
ඉන්ද්‍රිය අසංවරය නිසා පිරිහෙන ආකාරය. (විනාඩි 06 ක ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ධර්ම දේශනාව 01 – “ප්‍රස්තුතය සහ ඉන්ද්‍රිය සංවරයේ වටිනාකම” – මාගන්දිය සූත්‍රය (03-09-2023)
- ධර්ම සාකච්ඡාව 01 – මාගන්දිය සූත්‍රය (03-09-2023)
- ධර්ම දේශනාව 02 – “ඉන්ද්‍රිය සංවරය නිවනට හේතුවෙන ආකාරය” – මාගන්දිය සූත්‍රය (10-09-2023)
- ධර්ම සාකච්ඡාව 02 – මාගන්දිය සූත්‍රය (10-09-2023)
- ධර්ම දේශනාව 03 – “ඉන්ද්‍රිය සංවරය තුලින් නිරාමිස ප්‍රීතිය කරා යන මාවත” මාගන්දිය සූත්‍රය (23-09-2023)
- ධර්ම සාකච්ඡාව 03 – මාගන්දිය සූත්‍රය (23-09-2023)
- ධර්ම දේශනාව 04 – “චන්දරාගය සහ එයින් මිදීම” මාගන්දිය සූත්‍රය (01-10-2023)
- ධර්ම සාකච්ඡාව 04 – මාගන්දිය සූත්‍රය (01-10-2023)
මාගන්දිය සූත්‍ර දේශනා සහ සාකච්ඡා මාලාව මෙතැකින් නිමාවේ.
පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.