
බුද්ධ ප්‍රතිමාව – ශ්‍රී දළදා මාලිගාව, මහනුවර, ශ්‍රී ලංකාව.
මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ද්‌වයතානුපස්‌සනා සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2023 ඔක්තෝබර් 08වන දින ආරම්භ කරන ලදී.
විපස්සනා භාවනාව ගැඹුරින් වඩනා ක්‍රම රාශියක් මෙම ද්‌වයතානුපස්‌සනා සූත්‍රයේ ඇතුලත් වේ.
මෙම පළමු ධර්ම දේශනාවේ දී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ භාවනා යෝගීන් හට ඉතා ප්‍රයෝජනවත් වෙන ප්‍රායෝගික ආකාරයකින් සතර සතිපට්ඨානය ඇසුරෙන් දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය විස්තර කරන සේක.
මෙම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » මහා වර්ගය): ද්‌වයතානුපස්‌සනා සූත්‍රය.
මෙම වටිනා දේශනාවලියට පිවිසීමක් ලෙස පළමු ධර්ම දේශනාවෙන් සහ ධර්ම සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලද කෙටි ධර්ම ඛණ්ඩයක් මුලින්ම ඉදිරිපත් කරනෙමු.
- අප දුක දිහා බලන වැරදි ආකාරය සතිපට්ඨාන පුහුණුවෙන් නිවැරදි කර ගැනීම. (විනාඩි 05 ක වටිනා පැහැදිලි කිරීමකි.)
- ධර්ම දේශනාව 01 – “දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය” – ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (08-10-2023)
- ධර්ම සාකච්ඡාව 01 – ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (08-10-2023)
- ධර්ම දේශනාව 02 – “නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය”– ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (15-10-2023)
- ධර්ම සාකච්ඡාව 02 – ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (15-10-2023)
- ධර්ම දේශනාව 03 – “උපධීන් ඇතිවීම සහ උපධීන් නැති කිරීම”– ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (22-10-2023)
- ධර්ම සාකච්ඡාව 03 – ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (22-10-2023)
- ධර්ම දේශනාව 04 – “අවිධ්‍යාව සහ අවිධ්‍යාව නැති කිරීම”– ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (29-10-2023)
- ධර්ම සාකච්ඡාව 04 – ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (29-10-2023)
- ධර්ම දේශනාව 05 – “සංස්කාර දුක්ඛය සහ සංස්කාර නැති කිරීම”– ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (05-11-2023)
- ධර්ම සාකච්ඡාව 05 – ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (05-11-2023)
- ධර්ම දේශනාව 06 – “විඥාන දුක්ඛය සහ විඥාන දුක්ඛය නැති කිරීම”– ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (19-11-2023)
- ධර්ම සාකච්ඡාව 06 – ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (19-11-2023)
- ධර්ම දේශනාව 07 – “ස්පර්ශය ඇතිවීමේ දී තණ්හාවට හසු වීම සහ ස්පර්ශය ඇතිවීමේ දී තණ්හාවට හසු නොවීම”– ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (03-12-2023)
- ධර්ම සාකච්ඡාව 07 – ද්‌වයතානුපස්‌සනා සූත්‍රය (03-12-2023)
මතු සම්බන්ධයි…
පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.