Canki Sutta – චංකී සූත්‍රය

Image by Anuvat Intarachune from Pixabay.

මීතිරිගල නිස්සරණ වනවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් චංකී සූත්‍රය පාදක කරගෙන මෙම දින පහක දුරස්ථ භාවනා වැඩමුළුව වර්ෂ 2020 දෙසැම්බර් 14 සිට දෙසැම්බර් 18 දක්වා පවත්වන ලදී.

විශ්වාසය හා සත්‍යය අතර ලොකු වෙනසක් තිබේ. ඕනෑම කෙනකුට තමන්ට කැමති ඕනෑම දෙයක් ගැන විශ්වසය තැබීමට පුළුවන. බෞද්ධයෙකු වූ පමණින් බුදු දහම පිළිබඳ තමන් තුළ අවබෝධයෙන් තොරව ඇති කරගන්නා විශ්වාස සියල්ලම, සත්‍ය නො වන්නට පුළුවන. එසේම පරම්පරාවේ එන නිසා හෝ ගුරුවරුන්ගෙන් අසා දැනගත් පමණින් හෝ පිටක පොත් වල ලියැවි ඇති දෙය පිළිගත් පමණින් හෝ එයම නිවැරදිය. එයම සත්‍යයැයි යමෙක් අදහන්නේ නම් එවැනි අය බුදුන් වහන්සේ උපමා කළේ අන්ධ වේනියකටය.

කාපටික බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාරමින්, සත්‍යය රකින නුවණැති පුරුෂයා විසින් මෙ පමණකින් මෙයම සත්‍යය අනෙක හිස් යැයි නිෂ්ඨාවට පැමිණීම සුදුසු නැති බව දේශනා කල සේක.

එනිසා සත්‍ය අවබෝධ කර ගැනීමට මේ බුද්ධ ශාසනයෙහි පෙන්වාදී ඇති වැඩ පිළිවෙළ පැහැදිලි කෙරෙන විමසුම් මාර්ගය මෙම චංකී සූත්‍රයෙන් දැක්වේ. සත්‍ය අවබෝධ කර ගැනීමට ත්‍රිමාන වැඩ පිළිවෙළක් සූත්‍රයෙන් දැක්වේ. එනම්, සත්‍යානු රක්‍ෂණය, සත්‍යානුබෝධය හා සත්‍යානුප්‍රාප්තිය යි.

Ven. Panadure Chandaratana Thero conducted this 5 days long distant meditation retreat based on Chanki Sutta from 14th to 18 December 2020.

සූත්‍රයට යොමුව: » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » බ්‍රාහ්මණ වර්ගය

ත්‍රිපිටකයේ එම සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: https://pitaka.lk/main?n=19145

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. කමටහන්/දහම් පැන – 01 (14-12-2020)
  2. ධර්ම දේශනාව – 01 (14-12-2020)
  3. Questions on Meditation Experience in English (15-12-2020)
  4. කමටහන්/දහම් පැන – 02 (15-12-2020)
  5. ධර්ම දේශනාව – 02 (15-12-2020)
  6. කමටහන්/දහම් පැන – 03 (16-12-2020)
  7. ධර්ම දේශනාව – 03 (16-12-2020)
  8. Questions on Meditation Experience in English (17-12-2020)
  9. කමටහන්/දහම් පැන – 04 (17-12-2020)
  10. ධර්ම දේශනාව – 04 (17-12-2020)
  11. Questions on Meditation Experience in English (18-12-2020)
  12. කමටහන්/දහම් පැන – 05 (18-12-2020)
  13. ධර්ම දේශනාව – 05 (18-12-2020)

Canki Sutta – චංකී සූත්‍රය මුල්කරගත් භාවනා වැඩසටහන මෙතෙකින් අවසානයි. 

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ පෙර සිදුකල දේශනා ඇති මූලික වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.